එක්ස්ප්‍රස් පර්ල්ට නඩු පැවරීම ගැන පාර්ලිමේන්තුවේ රැව් දෙයි

257


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගපූරුවේ නඩු පැවරුවේ නීතිපති දෙපාර්තුමේන්තුවේ අනුමැතිය මත බව නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එසේම මෙම කටයුත්තට කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවූ බවද කීවේය.මෙම නඩු පැවරීම සිදුවූ ආකාරය ගැන දයාසිරි ජයසේකර මහතා විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා මෙම පිළිතුර ලබා දුන්නේය.අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසූවේ මෙම නඩුපැවරීම ගැන විමසන අය බලයේ සිටින කාලයේදී කිසිවක් නොකළ බවය.විදේශ ඇමැති අලි සබ්රි මහතා කීවේ මෙම නඩු පැවරීම සඳහා කටයුතු කිරීමට එක් නීති සමාගමක් තෝරා ගැනීමට ලොව පුරා සියලුම නීති සමාගම් වෙත දැනුම් දුන් බවය.එය කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව සිදු කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment