එක්ස්ප්‍රස් පර්ල් නැව ධීවරයන්ට වන්දි ගෙවන්න ලක්‍ෂ 9110 ක් දෙයි

195

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම හේතුවෙන් හානියට පත්වූ ධීවරයන් සඳහා ගෙවීමට නියමිත 3 වන අතුරු වන්දි මුදල්වලින් රුපියල් ලක්‍ෂ 9110 ක මුදලක් එම නෞකාවේ රක්‍ෂණ සමාගම විසින් රජයට ලබාදී ඇත.

එම මුදල් කඩිනමින් ඉදිරි සතිය තුළදී ගම්පහ කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ධීවරයන්, කාර්මිකයන් 15032 දෙනෙකු අතර බෙදා දීමට කටයුතු කරන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශ ලේකම්වරිය වෙත උපදෙස් දී ඇත.

මීට පෙර අවස්ථා දෙකකදී එම රක්‍ෂණ ආයතනය විසින් රු. ලක්‍ෂ 3480 ක් සහ ලක්‍ෂ 3350 බැගින් අතුරු වන්දි ලෙස ධීවර ජනතාව වෙත ලබාදුන් බවද ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment