එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරු වාණිජ අධිකරණයට

120

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් සිංගප්පුරු වාණිජ අධිකරණයට හිමිකම් පෑමේ ඉල්ලීමක් යොමු කර ඇත.

මෙම නඩුවට අදාළ එක් සම්මන්ත්‍රණ වාරයක් ඉකුත් මැයි 15 දින පැවැති අතර මීළඟ නඩු වාරය ජුනි 01 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම නඩුව සිංගප්පුරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයට එහි නීතිරීති මත පදනම්ව මාරු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින අතර මේ නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සිංගප්පුරු නීති සමාගමක් පත් කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment