එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගම කාබන් ශුන්‍යතා සහතිකයෙන් පිදුම් ලබයි

53

ප්‍රධාන පෙළේ දෙස් විදෙස් සමාගම් සහ සන්නාම වෙත ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනය කරන එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් පීඑල්සී සමාගම හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීමට ගනු ලැබූ සාර්ථක පියවර හේතුවෙන් පසුගියදා කාබන් ශුන්‍යතා සහතිකයෙන් පිදුම් ලැබීමට සමත් විය.

එක්ස්පැක් සමාගම නියැලී සිටින කර්මාන්ත ක්‍ෂේත්‍රය සඳහා දැවැන්ත යන්ත්‍රසූත්‍ර භාවිත කෙරෙන පසුබිමක කාබන් ශුන්‍යතා සහතිකයෙන් පිදුම් ලැබීම යනු විශාල ජයග්‍රහණයකි. පාරිසරික තිරසාරභාවය කෙරෙහි එක්ස්පැක් සමාගම සැමවිටම සැලකිලිමත්. එම කැපවීම සහ වගකීම්සහගත භාවිත මෙවැනි ජයග්‍රහණ තුළින් මනාව පිළිබිඹු වෙනවා. ඒ වගේම මෙය අපට තවත් අනුකූලතා සහතිකයක් නොව අපගේ වගකීමක් ඉටුකිරීමක්. අපි ඉදිරියටත් coenergi, NCPC සහ වෙනත් කර්මාන්ත පාර්ශ්වකරුවන් හා එක්ව තිරසාරත්වයේ ගමන අඛණ්ඩව ගෙනයනවා යනුවෙන් එක්ස්පැක් කොරගේටඩ් කාර්ටන්ස් සමාගමේ සභාපති සත්තාර් කාසිම් මහතා ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment