එක්ස්පැක් සමාගම වසර 25ක ආදර්ශවත් වර්ධනය සහ විශිෂ්ටත්වය සමරයි

76

දෙස් විදෙස් ප‍්‍රධාන පෙළේ සමාගම් සහ සන්නාම වෙත ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු ප‍්‍රමුඛ පෙළේ සමාගමක් වන එක්ස්පැත් කොරගේටඞ් කාර්ටන්ස් පීඑල්සී සමාගම සිය 25 වැනි සංවත්සරය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කළේය.

විවිධ බාධක සහ අභියෝග මධ්‍යයේ අඛණ්ඩ වර්ධනයක්, නවෝත්පාදන ධාරිතාවක් අත්කරගත් එක්ස්පැක් සමාගම මේ වන විට වඩාත් ශක්තිමත් ඉදිරි ගමනකට නිරතව සිටී.

රිදී ජුබිලි සංවත්සරය වෙනුවෙන් සමාගම සතු සපුගස්කන්දේ පිහිටි අති නවීන කර්මාන්තශාලා පරිශ‍්‍රයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි. එහිදී සියලූ සේවකයන්ට අතශවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රදානය කිරීමක්ද සිදු විය. එක්ස්පැක් සභාපති සත්තර කාසිම් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන අංශය තුළ ප‍්‍රමුඛතම තෝරා ගැනීමක් බවට එක්ස්පැක් සමාගම පත් කිරීමට දායකවූ සියලූ පාර්ශ්වකරුවන් ඇගයීමට ලක් කළේය. වර්ෂ 1977 මාර්තු මාසයේදී ආරම්භ වූ එක්ස්පැක් සමාගම ක‍්‍රමයෙන් සිය මෙහෙයුම් ධාරිතාව වැඩි කර ගනිමින් මෙරට භාණ්ඩ ඇසුරුම් ක්‍ෂේත‍්‍රය තුළ ප‍්‍රධාන කි‍්‍රයාකාරිකයකු බවට පත්ව තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව හැරුණු විට ආසියානු, අපි‍්‍රකානු සහ මැදපෙරදිග කලාපයන්හි වෙළෙඳපොළ වෙතද සිය නිෂ්පාදන සැපයුම් වර්ධනය කර ගැනීමට එක්ස්පැක් සමත්ව සිටියි. PUM Netherlands සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම කොරගේටඞ් ඇසුරුම් නිෂ්පාදනාගාරය ලෙසද එක්ස්පැක් කර්මාන්තශාලාව නම් කරන ලදී. ගෙවුණු වසර 25ක කාලය තුළ විවිධ අවස්ථාවහන්හි විවිධ ගෞරව සම්මාන රැසකින් පිදුම් ලැබීමටද එක්ස්පැක් සමාගමට හැකිවිය. විශේෂයෙන්ම ජාතික අපනයන වාණිජ මණ්ඩලය සංවිධානය කළ අපනයන සම්මාන උළෙලේදී අපනයනකරුවන් වෙනුවෙන් වඩාත් කැපීපෙනෙන සේවා සම්පාදකයා සඳහා වන රන් සම්මානය (මහා පරිමාණ අංශය) දිනාගැනීමටද එක්ස්පැක් සමාගම සමත්විය. තවද ලංකා ජාතික කර්මාන්ත වාණිජ මණ්ඩලයේ හොඳ ව්‍යාපාර 10 සඳහා වූ (මහා පරිමාණ අංශය) සම්මානය, ලංකා ස්ටාර් නවෝත්පාදන ඇසුරුම් සම්මානය, ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සම්මානය, ලංකා ආයතනික සමාජ සත්කාර සම්මාන සහ හරිත සම්මාන ආදී සම්මාන බුහුමන් රැසකින් එක්ස්පැක් පිදුම් ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment