එක්ස්ප‍්‍රස් පර්ල් නැවෙන් විසිරුණු සුන්බුන් ටොන් 1000 ක් වෙරළ තීරයෙන් ඉවත් කෙරේ

164

2021 ජුනි මස 13 වන දින MV X- press Pearl සිද්ධියෙන් ශ‍්‍රී ලංකාවේ සුන්දර වෙරළ තීරය බේරා ගැනීමේ අඛණ්ඩ උත්සාහයක නිරතව සිටින සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ත‍්‍රිවිධ හමුදාවන්ගේ සහාය ඇතිව දැනට සිදු කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය ම`ගින් සුන්බුන් ටොන් 1,000 කට අධික ප‍්‍රමාණයක් දැනට එක්රැුස් කර ඇත.
 
 සමුද්‍රීය පාරිසරික ආරක්‍ෂණ අධිකාරිය විසින් මෙහෙයවූ වෙරළ පිරිසිදු කිරීමේ ක‍්‍රියාන්විතය මගින් ශ‍්‍රී ලංකාවේ වයඹ සිට දකුණු වෙරළ තීරයේ කිලෝ මීටර් 200 කට ආසන්න පමණ ප‍්‍රමාණයක් පිරිසිදු කර ඇති අතර එකතු වූ ටොන් 1,000 කට අධික ප‍්‍රමාණයක ප්ලාස්ටික් කැට අන්තර්ගත සුන්බුන් මේ වන විට බහාලූම් 44 ක අන්තරායකර අපද්‍රව්‍ය ගබඩා කළ හැකි ස්ථානයක ආරක්‍ෂිතව ගබඩා කර ඇත. සමුද්‍රීය පාරිසරික ආරක්‍ෂණ අධිකාරියේ :ඵෑඡු්* හි සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහාතගේ අධීක්‍ෂණය යටතේ අදියර තුනක ගුණාත්මක පාරිසරික පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලියක් තුළින් සිදුවන බවයි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම ව්‍යසනයේ අතුරුඵල විවිධාකාර වේ. නමුත් ඒ සම`ගම මේ සුන්බුන් හා විස අපද්‍රව්‍ය බැහැර කිරීම යන ඉතා අසීරු කර්තව්‍ය පරිසරයට හානි නොවන පරිදි හිතකාමී ලෙස වගකීමෙන් යුතුව සිදු කරන බවට අප සහතික විය යුතුය. අපද්‍රව්‍ය පාරිසරික හා වගකිවයුතු ලෙස බැහැර කිරීම සඳහා පුද්ගලික සමාගම් සම`ග සහයෝගයෙන් කටයුතු කළ හැකියි යනුවෙනුයි.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment