එක්ස්ප‍්‍රස් පර්ල් නැව මෙරට මුහුදට ගැනීම කාදිනල්තුමන් ඇතුළු පිරිසගේ පෙත්සම් විභාගයට අවසර

122

රසායනික ද්‍රව්‍ය කාන්දුවෙමින් තිබියදී එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව නිසි සොයාබැලීමකින් තොරව ශ‍්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමට අවසර ලබාදුන් වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට

නියෝගයක් කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01 දා) අවසර ලබා දුන්නේය.

අගරදගුරුතුමන්, පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා, ජෙරුන් ජෙගදීස්වරන් හා ධීවරයන් පිරිසක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගාමිණි අමරසේකර, ඒ. එච්. එම්. ඞී. නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු ම`ඩුල්ල හමුවේ කැඳවිණි. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, එහි සභාපතිනි නීතිඥ දර්ශනී ළහඳපුර, සහ සත්ත්ව ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, වෙළෙඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් සෙනවිරත්න හා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් නම්කොට තිබිණි. පසුගිය මැයි 20 වැනිදා ශ‍්‍රී ලංකා මුහුදු තීරය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව

ගිනිගැනීම නිසා හිමිවන වන්දියෙන් සියයට 70 ක ප‍්‍රතිශතයක් මුහුදු පරිසරය ආරක්‍ෂා කිරීමේ කටයුතු සඳහා යෙදවීමට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ද ඉල්ලා තිබිණි. නීතිඥ වර්ධනී කරුණාරත්න, නීතිඥ හිමාලි කුලරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් සම`ග ජ්‍යෙෂ්ඨ නීතිඥ ක‍්‍රිෂ්මාල් වර්ණකුල මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment