එක්සෙල් වර්ල්ඩ් ‘ස්නෝ වර්ල්ඩ්’ යළි දියත් කෙරේ

46
දේවිකා ද අල්විස් සාලන් - මෙහෙයුම් විශිෂ්ටත්වය පිළිබඳ ප්‍රධානී, එක්සෙල් වර්ල්ඩ් සහ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ආර් විශ්වනාත් - ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරවරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම, එක්සත් විජේරත්න - විධායක අධ්‍යක්ෂ එක්සෙල් වර්ල්ඩ් සහ සමුහ සාමාන්‍යාධිකාරී බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, බාබා කරීම් - ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එක්සෙල් වර්ල්ඩ්, තාරක සිල්වා - ජ්‍යෙෂ්ඨ කළමනාකරු ව්‍යාපාර සංවර්ධන” වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම, සමන්ත බණ්ඩාර - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිවරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම, සුමුදු පෙරේරා - කලාප අලෙවි කළමනාකරු වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම, ලක්ෂණ සමරසිංහ - අලෙවි ප්‍රධානී සියත එෆ් එම්, ප්‍රසන්න ජයනෙත්ති - අධ්‍යක්ෂ සියත ටීවී, එස් නවනීදන් - ස්ටාර් දෙමළ ගුවන් විදුලිය ඡායාරූපය - නිශේෂන්ද්‍ර සිල්වා

හිමකැට විසිරුණු, සීතලෙන් ඇළලු‍ණු, විනෝද රසාස්වාදය මධ්‍යයේ එක්සෙල් වර්ල්ඩ් සිය අතිශය ජනප්‍රිය හිම ලෝකය, ‘ස්නෝ වර්ල්ඩ්’ වසර තුනක විරාමයකින් අනතුරුව පසුගියදා යලි දියත් කරන ලදී.

ඉකුත්දා එක්සෙල් වර්ල්ඩ්හි පැවති මාධ්‍ය සඳහා සුවිශේෂී වූ දියත් කිරීමේ උත්සවයේදී අයිස් කැටවලින් පිරුණු මෙම හිම අවකාශය ජනතාව වෙත විවෘත කෙරුනේ උත්තර ධ්‍රැවයේ නත්තල් සීයාගේ සංචාර සිහිපත් කරවන අත්දැකීමක් ලබාදීම උදෙසා සැකසූ නවාංග රැසක් සමඟිනි.

‘ස්නෝ වර්ල්ඩ්’ නැවත විවෘත කිරීම ප්‍රධාන අනුග්‍රාහකයා වන පෙප්සි-කෝ සහ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රාහක වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක්, මාධ්‍යවේදීන්, එක්සෙල් රෙස්ටුරන්ට්ස් සහ බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

‘ස්නෝ වර්ල්ඩ්’ හි සුවිශේෂත්වය වන්නේ මින් පෙර කිසිදා හිමේ අත්දැකීමක් නොමැති සියළු වයස් කාණ්ඩවල අමුත්තන්ට හිම මල් පියල්ලෙන් නවමු අත්දැකීමක් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම ස්ථානය වීමයි. ‘ස්නෝ වර්ල්ඩ්’ හිම අවකාශය දෙසැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා හිමකැට අතර, උත්සව සමයේ විනෝදාස්වාදයක් ලබාදීම සඳහා මහජනතාව වෙනුවෙන් දැන් විවෘතයි. මීට අමතරව, එක්සෙල් වර්ල්ඩ් දෙසැම්බර් මාසය පුරාම මුළු පවුල වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ක්‍රීඩා සහ විනෝදාස්වාදයන්ගෙන් සමන්විත උත්සව සැණකෙලියක්ද සංවිධාන කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment