එක්‌ස්‌ප්‍රස්‌ පර්ල් පරිසර හානි මූලික වාර්තාව 30 වැනිදා

407

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා සමුද්‍රීය පරිසර අධිකාරිය විසින් පත් කරන ලද කමිටු වාර්තාවේ මූලික වාර්තාව මෙම මස 30 වැනිදාට පෙර ලබාදෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය. නැව ගිනි ගැනීමේදී සිදුවූ පරිසර හානිය ගණනය කිරීමේදී එම හානිය නැවත ප‍්‍රතිස්ථාපනය සඳහා ද යන වියදම ද ඇතුළත් කර වාර්තාවක් ලබාදෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දී තිබිණි.

ඒ අනුව ප‍්‍රවීණ මහාචාර්යවරුන් දෙදෙනකුගේ සභාපතීත්වය යටතේ අනුකමිටු 11 ක සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් දිනපතා හානිය පිළිබඳව ගණනය කිරීම් මේ වනවිට සිදුකරමින් පවතින බව ද දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment