එක් අයෙකුට භූමිතෙල් ලීටර් 5ක් විතරයි

111

එක් පාරිභෝගිකයකු සඳහා ඉන්ධන පිරවුම්හලකින් දිනකට භූමිතෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 5 ක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ධීවර කර්මාන්තයේ නියැළී සිටින අයට භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක් ඉදිරිපත් කළ යුතු බව ද එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එසේ නොමැතිව භූමිතෙල්, ඉන්ධන පිරවුම්හල් වෙතින් නිකුත් කිරීමට අවසර ලබා නොදෙන බව ද එම ලිපියේ දැක්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment