එක් කොරෝනා ආසාදිතයකු නිසා ඔස්ටේ‍්‍රලියාවේ අගනුවර ලොක්ඩවුන්

348

වසරකට වඩා වැඩි කාලයකට පසු ප‍්‍රථම වරට කොරෝනා ආසාදිතයකු වාර්තා වීම හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ අගනුවර වන කැන්බරා නගරය ඊයේ (12දා * සවස 5 සිට සතියක කාලයකට අගුලූ දැමීමට (ලොක්ඩවුන්* බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. සොයා ගනු ලැබූ කොරෝනා ආසාදිතයාට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොතිබීම හේතුවෙන් කැන්බරා නගරයේ වෙසෙන හාරලක්ෂයක් පමණ වන වැසියන් සියල්ල ආවරණය වන ලෙස මෙම අගුලූ දැමීම පැනවීමට බලධාරීන් ක‍්‍රියා කර තිබේ.

 අගුලූ දැමීම සිදු කෙරෙන කාලසීමාව තුළදී නගරවාසීන්ට නිවෙස්වලින් එළිමහනට යාමට අවසරය ලැබෙනුයේ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා පමණකි. අගුලූ දැමීම පිළිබඳව සැළ වීමත් සමගම විශාල පිරිසක් නගරයේ සුපිරි වෙළෙඳසල් ඉදිරිපිට භාණ්ඩ මිලදී ගැනීම සඳහා පෝලිම් ගැසී සිටි බව වාර්තා විය. ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීම පාලනය කිරීම සඳහා දැනටමත් ඔස්ටේ‍්‍රලියාවේ නිව් සවුත්වේල්ස් හා වික්ටෝරියා යන ප‍්‍රාන්තවල වැඩි කොටසක් අගුලූ දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment