එක් රටක් එක් නීතියකට පත්කළ ජනාධිපති කාර්ය සාධක කමිටුව ඇස්බැන්දුමක්… පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත

316

එක් රටක් එක නීතියක් යන එක ගැන නිර්දේශ කරන්න ජනාධිපති කාර්ය සාධක කමිටුවක් පත්කිරීම ප‍්‍රශ්නකාරී ඇස්බැන්දුමක් බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝනායක, ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ (29 දා) උදෑසන මාවනැල්ලේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප‍්‍රකාශ කළහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, රටක් කියන්නේ ශ‍්‍රී ලංකාවේ ජනරජ නීතියයි. මෙම නීතිය ක‍්‍රියා කිරීම පමණක් තමයි අවශ්‍ය වෙන්නේ. දැනට රජය ජනරජ ව්‍යවස්ථාවක් ක‍්‍රියාත්මක කරන්නේ නෑ කියන එක පිළිගන්න නිසා තමයි රජය අලූත් කමිටු හදන්නේ. අවශ්‍ය වන්නේ සර්ව සාධාරණ ලෙස සමාජයේ නීතිය ක‍්‍රියාත්මක කිරීමයි.

වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක වන්නේ එක එක ආකාරයට. රාජ්‍ය විරෝධී වැඩකරන පුද්ගලයන්ට එක නීතියක්. රටේ සාමාන්‍ය ජනතාවට තව නීතියක්. සාමාන්‍ය ජනතාවට අවුරුදු ගාණක් උසාවි යන්න වෙනවා. නමුත් දේශපාලන අධිකාරියේ අය සතියයි දෙකයි බොහෝ දෙනෙක් නිදහස්. අපේ රටේ නීතිපතිවරයා පක්ෂග‍්‍රාහීයි. වර්තමාන නීතිපතිවරයාට නීතිය හරියාකාරව ක‍්‍රියාත්මක කරන්න ආත්ම ශක්තියක්වත් නැහැ. අදාළ තොරතුරු යටතේ ඔහොම නඩු දාලා දිනක් යනකොට ඒකා අයින් කරගන්නවා. වින්දිතයන්ට සිදුවුණ අපහසුතාවට මොකක්ද වෙන්නේ. ජනාධිපතිවරයා රාජ ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කළ යුතුයි. පත්කරන කමිටුවලට පහසුකම් දෙන්නම විශාල මුදලක් යනවා. ලංකාවේ මේ කාලවකවානුව තුළ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ආර්ථිකයටද ඒක ලොකු ගැටලූකාරී තත්ත්වයක්.

කාබනික පොහොර භාවිතය නිසා රටපුරා ගොවීන් දැඩි අපහසුතාවයකට ලක්වෙලා ඉන්නේ. කාබනික පොහොර භාවිතයට රජය සෘජු තීන්දුවක් ගැනීම හොඳයි. නමුත් ඒක ක‍්‍රියාත්මක කරන්න තිබ්බේ සුදුසු කාලවකවානුවක් අරගෙන. කාබනික පොහොර පිටරටින් ගෙන්වීම වැරදියි. ලෝකයේ කොයි හරි රටකින් ලංකාවට කාබනික පොහොර ගේනවා නම් ඒක අපේ රටට සුදුසු දැයි පරීක්ෂා කළ යුත්තේ අපේ රටේ ඉන්න විද්‍යාඥයන් සහ විශේෂඥයන්. ඒ තමයි ඒ සම්බන්ධයෙන් සියලූ තීරණ ගත යුත්තේ. පොහොර නැව මඟට ගිහින් ආපහු එනවා. නම වෙනස් කරගෙන එනවා. සමහර විට මේ නැවේ තියෙන පොහොර නිකං දෙන්නං කියන්නත් පුළුවන්. දේශපාලන පක්ෂග‍්‍රාහීව ක‍්‍රියාත්මක කරන පුද්ගලයන් මෙවැනි දේවල් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සාධාරණ නැහැ.

කෑගල්ල – එම්. බී. පහළවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment