‘එක් රටක් එක් නීතියක්’ – බළකායේ සභාපති පුටුව ගලගොඩඅත්තේ හිමියන්ට

243

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ සංකල්පයක් ක‍්‍රියාවට නැංවීමට නව ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. මෙම නව ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කර තිබේ.

උන්වහන්සේගේ සහභාගිත්වයෙන් පත්කර ඇති නව කාර්ය සාධක බළකායේ සෙසු සාමාජිකයන් වශයෙන් මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, මහාචාර්ය සුමේධ සිරිවර්ධන, එන්. පී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, මව්ලවි මොහොමඞ්, කථිකාචාර්ය මොහමඞ් ඉන්නිකාබ්, කලීල් රහුමන්, අසීස් නිසර්දීන් යන මහත්වරුන් පත්කර ඇත.

එක රටක් එක් නීතියක් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම, අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යනයන කර ඒවායේ යෝග්‍යතාවය හා සුදුසු සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි කෙටුම්පතට ඇතුළත් කිරීම යන කාර්යයන් මෙම කාර්ය සාධක බළකායට පැවරී ඇත.

පවරනු ලබන කාර්යයන් ඉටුකිරීමට අදාළව අවශ්‍ය පරිදි කරුණු සොයා බැලීමට හා උපදෙස් නිකුත් කිරීමට මෙම කාර්ය සාධක බළකාය වෙත බලය පැවරී තිබේ.

කාර්ය සාධක බළකායේ සාමාජිකයන්් අවම වශයෙන් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවටත් අවසන් වාර්තාව 2022 පෙබරවාරි 28 වන දිනට හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමටත් නියම කර තිබේ.

මෙම කාර්ය සාධක බළකායේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment