එකොළොස් හැවිරිදි පිරිමි ළමයකුට  ලිංගික අතවර කළ රත්නපුරේ සුදා  වසර 19කට මහ උළු ගෙදරට

749

* වින්දිත දරුවාට ලක්ෂයක වන්දියක්

එකොළොස් හැවිරිදි පිරිමි ළමයෙකු අපහරණය කිරීම හා බරපතල ලිංගික අපයෝජන කිරීම යන චෝදනාවන් සම්බන්ධයෙන් වැරදිකරුවූ චූදිතයෙකුට මොණරාගල පළාත්බද මහාධිකරණ විනිසුරු නදී අපර්ණා

සුවඳුරුගොඩ මහත්මිය රුපියල් පහළොස්දහසක දඩයක් සමඟ වසර 19 සිරදඬුවමක් නියම කොට වින්දිත දරුවාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නියෝග කළාය.

දඩ මුදල් නොගෙවන්නේ නම් වසර තුනහමාරක ලිහිල් සිරදඬුවම්ද චූදිත වන්දි මුදල නොගෙවන්නේ නම් අදාළ මුදල දඩ මුදලක් ලෙස අය කර ගැනීමටද නියෝග කළාය.

මෙසේ දඬුවම් නියම වූයේ හම්බේගමුව ජනපදයේ පදිංචි පරණගමගේ විජේරත්න නොහොත් රත්නපුරයේ සුදා (59* නැමති අයටය.

2011/12/19 වැනි දින අසනීපවී සිටි තම පියාට පැරසිටමෝල් පෙති රැුගෙන ඒමට පාපැදියකින් වෙළෙඳසැලකට ගොස් ආපසු නිවසට පැමිණෙමින් සිටියදී තල හේනක් අසලදී චූදිත විසින් එකොළොස් හැවිරිදි ළමයා වාඩියකට කැඳවා ගෙන ගොස් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම නඩුව පවරා තිබිණි.

දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයකින් පසුව චෝදනා දෙකටම චූදිත වරදකරුවූ හෙයින් අපහරණය කිරීමේ චෝදනාවට වැරදිකරුවීම නිසා චූදිතට රුපියල් පන්දහසක දඩයක් සමඟ වසර පහක සිරදඬුවමක් නියමකොට දඩය

නොගෙවන්නේ නම් ඊට වසර තුනක ලිහිල් සිරදඬුවම් නියම කළාය. බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරුවූ චූදිතට රුපියල් දසදහසක දඩයක් සමඟ බරපතල වැඩසහිත වසර 14 සිරදඬුවමක්ද දඩය

නොගෙවන්නේ නම් මාස හයක සිරදඬුවම්ද වින්දිත දරුවාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළාය. වන්දි මුදල නොගෙවන්නේ නම් අදාළ මුදල දඩ මුදලක් ලෙස අයකරගන්නා ලෙසද සිරදඬුවම් එකවර ගෙවී යන සේ ලබාදීමටද විනිසුරුතුමිය විසින් නියෝග කළාය. රජයේ අධිනීතිඥ රුවන් ද ප‍්‍රනාන්දු මහතා පැමිණිල්ල මෙහෙයවීය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment