එක එක්කෙනා කියන විදිහට අපි යන්නේ නෑ

811

කවුරුත් කියන පළියට තනතුරු තානාන්තර අතහැර ඉවත්ව යන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනට ඊයේ (08 වැනිදා) කියා සිටියේය.

ආණ්ඩුවට එරෙහිව රටපුරා නැඟෙන විරෝධාතා සම්බන්ධයෙන් කළ විමසීමේදී අගමැතිවරයා එසේ කියා සිටියේය.

ආණ්ඩුවේ සිටි සමහර ඇමැතිවරුන් පවා අපෙන් වෙන්වී අද අප දෝෂ දර්ශනයට ලක් කරමින් සිටිනවා.

මා ඒ පිළිබඳව ලොකු කලකිරීමකින් සිටිනවා. රටේ ආර්ථික අසීරුතා නිසා බොහෝ අය අපට දෝෂාරෝපණය කරනවා.

තනතුරු අතහැර අපට යන්න කියමින් අද බලපෑම් එල්ල වෙනවා. රටේ ජනතාවගේ ප්‍රශ්න අපි දන්නවා. නොදන්නවා නොවෙයි. මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අප සෑම උත්සාහයක්ම දරනවා. තනතුරු දාලා යන්නෙ නැතිව ඊට විසඳුම් හොයනවා යැයි මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment