එක රටක් එක නීතියක් දුන් පොරොන්දුව ඉටුකරනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

384

ජනපති තණතිල්ල දිගේ ………….

 අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ඊයේ (10 දා) පැවැති ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ 72 වැනි සංවත්සරයට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එහි කි‍්‍රකට් පිටියක් විවෘත කිරීම සංකේතවත් කරමින් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ අයුරු.

* කොවිඩ් පාලනය කර නව ජවයකින් රට ඉදිරියට ගෙන යනවා
 
 * නිදහසට කාරණා අවශ්‍ය නැහැ
 
 ශ‍්‍රී ලංකා  යුද හමුදාවේ 72 වැනි සැමරුම්  අභිමානය

එක රටක් එක නීතියක් දුන් පොරොන්දුව ඉටුකරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

ජනතාව තමා කෙරෙහි රජය කෙරෙහි බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියා අප‍්‍රසාදයකින් පසුවන බව දන්නා බවත්, එනිසා කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කර නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ රට විවෘත කර නව ජවයකින් ඉදිරියට යන බවට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ පැවසූවේ ඊයේ (10 දා) අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තුවේදී පැවැති 72 වැනි යුද හමුදා දින සැමරුම් උත්සවයේ දීය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

එක රටක් එක නීතියක් දුන් පොරොන්දුව ඉටුකරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ


මම තරුණයකු හැටියට මගේ ජීවිතය ආරම්භ කළේ යුද හමුදාවෙන් නිසා මම යුද හමුදාවේ අවුරුදු 20ක් සේවය කළා. ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් අවුරුදු 10ක් සේවය කළා. මම මුලින්ම හමුදා ජීවිතය ආරම්භ කළේ සංඥා බළකායෙන්. ඊළඟට මම සිංහ රෙජිමේන්තුවේ සේවය කළා. ඊට පසුව මේ ස්ථානයේ ජෙනරාල් ඩෙනිස් පෙරේරා හමුදාපතිවරයා වශයෙන් ඉන්න කාලයේ ‘‘රජරට රයිෆල්’’ කියලා අලූත් රෙජිමේන්තුවක් පටන් ගත්තා. මම ඒකෙ ආරම්භක නිලධාරියෙක් හැටියට පැමිණියා. මේ භූමිය තෝරාගත්තෙත් මමයි.

එක රටක් එක නීතියක් දුන් පොරොන්දුව ඉටුකරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

අද සමහර ගොඩනැඟිලි ගොඩක් වෙනස් වෙලා. ඊට පස්සේ ගජබා රෙජිමේන්තුව වුණා. මම තරුණ නිලධාරියෙක් හැටියට ගජබා රේජිමේන්තුවේ තමයි වැඩි කාලයක් සේවය කළේ. මේ ස්ථානයට පැමිණීම මම මහගෙදරට ආවා වගේ දැනෙනවා.

එක රටක් එක නීතියක් දුන් පොරොන්දුව ඉටුකරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

විශේෂයෙන්ම ගජබා රෙජිමේන්තුවේ තමයි, එහි නායකත්වය දැරූ ජෙනරල් විජය විමලරත්නගේ නායකත්වය, මග පෙන්වීම යටතේ මම ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපි සියලූ දෙනාම හමුදාව කියන්නේ මොකක්ද? නායකත්වය කියන්නේ මොකක්ද? නොබියව සටන් කරන්නේ කොහොමද? හමුදාවක් පුහුණු කරන්නේ කොහොමද? රට වෙනුවෙන් හමුදාවක් මෙහෙයවන්නේ කොහොමද? කියලා අපි ඉගෙන ගත්තේ ජෙනරල් විමලරත්නගේ යටතේ මේ ස්ථානයේ.

එක රටක් එක නීතියක් දුන් පොරොන්දුව ඉටුකරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

ගජබා රෙජිමේන්තුවේ, මේ ස්ථානය ගැන මට හරිම ආඩම්බරයි. අපේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනඥයකුගෙන් තොරව රටේ සේනාධිනායකයා බවටත්, ජනාධිපතිවරයා බවටත් පත් වෙන්නට හැකිවීම ගැන මම ආඩම්බර වෙනවා. එහෙම කරන්න පුළුවන් වුණේ, මම හමුදාවේ නිලධාරියෙක් හැටියට රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කළා. ආරක්ෂක ලේකම්වරයා, හැටියට මගේ යුතුකම ඉටු කළා. ඒ නිසා තමයි ජනතාව මා කෙරෙහි විශ්වාසය තියලා, මාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ තමුන්නාන්සේලා සියලූ දෙනාට ඒක ආඩම්බරයක් කියලා මම හිතනවා.

එක රටක් එක නීතියක් දුන් පොරොන්දුව ඉටුකරනවා - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ

විශේෂයෙන්ම අද ති‍්‍රවිධ හමුදාවටම ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මේ රටේ පසුගිය වසර දෙක තුළ ඔබ කළ සේවය ගැන, අපි මුහුණ දුන්න කොවිඞ් වසංගතය පාලනයට ඔබ කළ කැපවීම ගැන, සෞඛ්‍ය සේවය සහ අනෙකුත් අය සමග විශේෂයෙන් නිරෝධායන කටයුතුවලදී ඒ වගේම එන්නත ලබාදීමේ දී ඔබ කළ සේවය ඉතාමත් විශිෂ්ටයි.

 කොවිඞ් වසංගතය පාලනයට එන්නත ලබාදීමේ දී අපි ලෝකයේ ඉහළ තැනක සිටින රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ, ඔබ කළ සේවය නිසයි. මම ඒ වෙනුවෙන් සියලූ දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

 ඒ වගේම මම බලයට ආවට පස්සේ කිව්වා, මේ රටේ ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වයක් දීලා වැඩ කරනවා කියලා. මම ප‍්‍රතිපත්තියක් හැටියට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න, අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. ඊට අවශ්‍ය සුදුසු නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හෝ වේවා හමුදාපතිවරුන් වශයෙන් හෝ වේවා බුද්ධි නිලධාරීන් වශයෙන් හෝ සුදුසුම නිලධාරීන් මම ඒ ස්ථානවලට පත් කරලා තියෙනවා. ඒ වගේම ති‍්‍රවිධ හමුදාවේ, බුද්ධි අංශවල මානසිකත්වය මම ඉහළට ගෙනල්ලා තියෙනවා. හමුදා නිලධාරීන්ට, බුද්ධි නිලධාරීන්ට පහර ගැසීම් නවත්වලා ඔවුන්ට තමන්ගේ රාජකාරිය කිරීමට අවශ්‍ය බලතල ලබා දීලා තියෙනවා. මේ රටේ නැවතත් කිසිම ත‍්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්ෂාව තහවුරු කිරීම අපේ ප‍්‍රධාන වගකීමක්. අපි බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කළා. දැන් අපි ඒක ස්ථාවර කරන්න ඕනෑ. එයට හේතු වුණු කරුණුවලට අපි විසඳුම් දෙන්න ඕනෑ. එම පළාත් අපි දියුණු කරන්න ඕනෑ. ඒ පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න අවශ්‍යයි. ඊළඟට අන්තවාදී ආගමික ත‍්‍රස්තවාදය මුළු ලෝකයේම පවතින දෙයක්. ඒකට අපි මුහුණ දෙන්න ඕනෑ. එවැනි දෙයක් මේ රට තුළ ඇති නොවන ආකාරයට, කිසිම ආගමකට පහර ගැසීමක් නොවෙයි, අපි කවුරුත් දන්න, ලෝකයේම දන්න අද පවතින තත්ත්වයක්. අපි ඒකට මුහුණ දෙන්න ඕනෑ. අපේ රට ආරක්ෂා කරගන්න ඕනෑ. මම එය ජනතාවට පොරොන්දු වුණු දෙයක්. මම එය ඉෂ්ට කිරීමට කැප වෙලා ඉන්නවා.

 මම මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ජනතාව පත් කර ගත්තේ විශාල බලාපොරොත්තු ඇතිව. මම පත්වුණු දවසේ ඉඳලා, පසුගිය අවුරුදු දෙක තුළ ලෝක ඉතිහාසයේ කවදාවත් මුහුණ දුන්නේ නැති තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි පසුගිය අවුරුදු දෙකම සටන් කළේ කොවිඞ් වසංගතය පාලනය කර ගන්නට රට වසා තැබීම්, විවිධ පාලන, මේවා නිසා අපේ ආර්ථිකය විශාල පසුබෑමකට පත් වුණා. මම නිදහසට කරුණු කියන්නේ නැහැ.

 නමුත්, මේ තත්ත්වය යටතේ ජනතාව වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ජනතාව මා කෙරෙහි, රජය කෙරෙහි ඔවුන් බලාපොරොත්තු වුණු ආකාරයට වැඩ වුණේ නැහැ කියන එක ගැන ඔවුන්ගේ අප‍්‍රසාදයක් තියෙනවා. මම ඒක

 පිළිගන්නවා. මම විතරක් නොවෙයි සියලූ මැති ඇමැතිවරු ඒක පිළිගන්න ඕනෑ. නමුත් අපි කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කරලා, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ මේ රට විවෘත කරලා, නව ජවයකින් මේ රට ඉදිරියට ගෙන යන්න, මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙනවා. සියලූ දෙනාම එක්ව එකට කටයුතු කරන්න ඕනෑ.

 එදා මම පොරොන්දු වුණු විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ලබාදීම ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක‍්‍රමයත් මම ඇති කරනවා.

 මම රුවැන්වෑලිසෑය වැඳ ගන්නට ගිය වේලාවේ පඩිපෙළ න`ගිනකොට තරුණ ස්වාමීන්වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නිතීයක් ගේනවා කිව්වා, අපි ඒ ගැන බලාගෙන ඉන්නවා කියලා. මම මේ අවුරුද්ද ඇතුළත ඒ පොරොන්දුව ඉටු කරනවා.

 අපි හරිත කෘෂිකර්මන්තයක් මේ රටේ ඇතිකරනවා කියන එක මම පොරොන්දු වෙච්ච දෙයක්. අපහසු වෙනස් කිරීමක්. ඔබතුමන්ලා බොහෝ පිරිසක් ගමෙන් පැමිණි පිරිසක් බව මම දන්නවා. දෙමාපියන්, නෑදෑයන් කෘෂිකර්මාන්තයේ නියැළෙන පිරිසක් බව මම දන්නවා. මම කාබනික පොහොර භාවිතයෙන් හරිත කෘෂිකර්මාන්තයක් බිහි කරන්නට පෙළඹුනේ, එකක් එය මා දුන් පොරොන්දුවක්. දෙක එය තමයි හරි දේ. ජනතාව වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් අප කළ යුත්තේ එයයි. එය අමාරු දෙයක්. ගොවි ජනතාව වෙනුවෙන් මම සෑම විටම කැප වී වැඩ කරනවා, මොකද ජනගහනයන් 75%ක් පමණ ජීවත් වෙන්නේ ග‍්‍රාමීයව. ඉන් වැඩි දෙනකුගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය. බලන්න, කාටද වකුගඩු රෝගය තියෙන්නේ? කාටද විවිධ රෝග තියෙන්නේ?

 විශේෂයෙන් මේ ගොවි ජනතාව ජීවත්වෙන ප‍්‍රදේශවල. අපි රසායනික පොහොරවලින් ඈත්වෙලා අපේ ඉදිරි පරම්පාරව වෙනුවෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා යන්න ඕනේ.

 අපි තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ. මම තමයි වී සහතික මිල රුපියල් 50ක් දක්වා වැඩි කෙරුවේ. මට අවශ්‍ය ඒ වැඩි ජන කොටසකගේ කර්මාන්තය වන කෘෂිකර්මාන්තයට, ගොවි ජනතාවට, ඔවුන්ගේ අදායම වැඩි කරලා ඔවුන්ට හොඳ ජීවන තත්ත්වයක් ගත කරන්නට සලසා දීමටයි. මා ගැන විශ්වාසය තියන්න. අපි එකමුතුව මේ කාර්ය ඉටු කරමු.

 ඒ වගේම මම පොරොන්දු වුණා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපි රට ඉදිරියට ගෙනයනවා කියලා. අපිට තෙල් නෑ, අපට ගෑස් නෑ, අපට ගල් අඟුරු නෑ. අපට තිබෙන්නේ ජලය, සූර්ය බලය, සුළං. මේ දේවල් හරහා අපේ බලශක්තිය අපි දියුණු කරන්නට ඕනෑ.

 යමෙකු කියනවා නම් නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්න කියලා, එය විහිළුවක්. ඒකට මම සූදානම් නෑ. අද ලෝකයම එයින් ඔබ්බටයි යන්නේ. අපි එය සඳහා කැප වෙන්නට ඕනෑ.

 අද ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට විශේෂයෙන්ම මේ කඩාවැටීලා තියෙන සංචාරක කර්මාන්තය, විශාල ජනකොටසක් එයින් ජීවත් වෙනවා. විශාල විදේශ විනිමයක් අපට ලැබෙනවා. මේ සඳහා අපට කොවිඞ් පාලනය කර ගැනීම අවශ්‍යයි. ක‍්‍රමයෙන් දැන් විදේශිකයන් පැමිණීම ආරම්භ කරලා තියෙනවා. අපි අපේ ආර්ථිකය නඟාසිටුවීමට ඉදිරි වසර කීපය තුළ කැපවීමෙන් වැඩ කරනවා.

 ජනතාව මගෙන් බලාපොරොත්තු වුණා දූෂණය නැති කරන්නට. මම හමුදා නිලාධාරීන්ව විවිධ දෙපාර්තමේන්තුවල ඉහළ තනතුරුවලට මම පත් කෙරුවේ ඒ බලාපොරොත්තුව ඇතිවයි. එය විශාල අභියෝගයක්. නමුත් අපි එය කරන්නට ඕනෑ. මොන තරාතිරමේ වුණත්, ඇමැතිවරු වේවා මන්ත‍්‍රීවරු වේවා නිලධාරීන් වේවා, රට වෙනුවෙන් අපි දූෂණය සම්පූර්යෙන්ම ඉවත් කරන්නට ඕනෑ. මම ආදර්ශයක් දී තිබෙනවා. මම කිසිදු ආකරයකින් දූෂණයට යොමු වෙලා නෑ, යොමු වෙන්නෙත් නෑ. ජනාධිපතිවරයා වශයෙන් මම හැකිතාක් දුරට වියදම් අඩු කරලා තියෙනවා. මම ආදර්ශයක් දී තිබෙනවා. මම ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශයම ඔවුන්ටත් දෙන්න කියලා. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණය වැළැක්වීමට සහාය දෙන්න. මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාව වෙනුවෙන් කාර්යක්ෂමව රාජ්‍ය සේවයේ වැඩ කරන්න කියලා. අපි ඉදිරි වසර කීපය තුළ මේ රට ”සෞභාග්‍යය’’ කරා ගෙන යෑමට සියලූ දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

 අද හොඳ පෙළපාලියක් පැවැත්වුණා. එයට මගේ ප‍්‍රසංශාව හිමි වෙනවා. ඔබ යුද හමුදාවක් වශයෙන් පුහුණවීම් කටයුතු bවගේම සේවාවන්, අද ලෝකයේම හමුදාවන් යුද කටයුතු කරන්නට පමණක් නොවෙයි ජාතිය ගොඩනැ`ගීමේ කටයුතුවලට සෑම හමුදාවක්ම යෙදී තිබෙනවා. ඔබ ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. එය ඉදිරියටත් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

 විශේෂයෙන්ම ඔබලා කෘෂිකර්මාන්තය වෙනුවෙන් නව රෙජිමේන්තුවක් ඇති කරලා තිබෙනවා. මේ කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වන අතර, ඔබට සුභ අනාගතයක් වේවා යි! කියා මම සුබපතනවා.

advertistmentadvertistment
advertistmentadvertistment