එක රටක් එක නීතියක් සඳහා ඥානසාර හිමි පත්කිරීම නොකළ යුතු දෙයක් – ගෙවිඳු කුමාරතුංග

330

එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කිරීම නොකළ යුතුව තිබූ එකක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවසීය.

එම පත්කිරීම නිසා ජේ. ආර්. ජයවර්ධන මහතා ඇති කරන බව ප‍්‍රකාශ කළ ධර්මිෂ්ට සමාජයට අත්වූ ඉරණම එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා ඉදිරිපත් වී ඇති අපේක්‍ෂාවටත් අත්විය හැකි බව පැවසූ මන්ත‍්‍රීවරයා එබඳු ධුරයක් සඳහා පත් කරන පුද්ගලයන් තුළම ආදර්ශයක් තිබිය යුතු බවත් පැවසීය. එය කනගාටුදායක තත්ත්වයක් බව පැවසූ කුමාරතුංග මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ එම වරද නිවැරදි විය යුතු බවයි.

එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment