එක රටක් එක නීතියක් සඳහා වූ කාර්ය සාධක බලකාය ජනපති යටතට

332


එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති කාර්යාල ජාතික ප‍්‍රමුඛතා වැඩසටහන යටතට පවරා ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.එම ගැසට් නිවේදනය මගින් රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය,මුදල් අමාත්‍යංශය,විදේශ අමාත්‍යංශය,නිපුණතා සංවර්ධන,වෘත්තීය අධ්‍යාපන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශ පහේද ආයතනික රාමුව සංශෝධනය කර ඇත.මෙම සංශෝධන ඊයේ සිට කි‍්‍රයාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment