එජනිස පුංචි මන්ත‍්‍රීලාගේ විනය හදන්න වැඩ

174

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් පාලන ආයතන සභිකයන්ගේ විනය ඉහළ නැංවීමේ වැඩසටහනක් එම සන්ධානය ආරම්භ කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සභිකයන් 1164 දෙනා සඳහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනතුරු සිය සන්ධානයේ සභිකයන්ට එරෙහිව විනය විරෝධී ක‍්‍රියා පිළිබඳ පැමිණිලි කිසිවක් තමා වෙත ලැබී නැතැයි ද ඇමැතිවරයා පවසයි.

මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ පළාත් පාලන ආයතනවල ඇතැම් සභිකයන්ගේ විනය විරෝධී ක‍්‍රියාවන් නිසා එම සභිකයන් සම්බන්ධව සහ අදාළ දේශපාලන පක්‍ෂ සම්බන්ධව මහජනතාව තුළ අවිශ්වාස සහගත තත්ත්වයක් මතුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලූම පක්‍ෂ නායකයන් සහ මහලේකම්වරුන් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබීම නිසා යැයි ද ඇමැතිවරයා ප‍්‍රකාශ කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගෞරවය ආරක්‍ෂා කරමින් කටයුතු කරන ලෙසත්, මෙතෙක් එම ගෞරවය කෙලෙසා නොගනිමින් කටයුතු කිරීම සම්බන්ධව දන්වා තම පක්‍ෂය නියෝජනය කරන සභිකයන් සියලූ දෙනාට ස්තුතිය පළ කර ලිපි යැවීමට පියවර ගත් බව ද මහින්ද අමරවීර ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment