එජාපයට මහියංගනයෙන් තවත් පරාජයක්

315

මහියංගණ ප්‍රා දේශිය සභාව සදහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනිම වෙනුවෙන් අද (14) පැවති ඡන්ද විමසුමෙන් පසු, මෙතෙක් එම සභාවේ බළය පිහිටවාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ සභාපති කරූ වීරරත්න මහතා පරාජයට පත් වී, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාය ධුරය දැරු කේ. පී. ගුණවර්ධන මහතා ජයග්‍රහණය ලබා නව සභාපති ලෙස තේරී පත් විය.

ඡන්ද විමසුම ඌව පළාත්පාලන කොමසාරිස් ජී.ඒ.එම්. එස්. පී අඹන්වල මහත්මියගේ ඉදිරියේ පළාත් පාලන නිළධාරින්ගේ අධික්ෂණයෙන් සිදු කෙරිණි.

මහියංගණ ප්‍රා දේශිය සභාවේ බළය ඉතිහාසයේ සිට එකසත්ජාතික පක්ෂය වාර 03ක්ද,  පොදුජන එක්සත් පෙරමුණ වාර දෙකක්ද, ඉන් අනතුරුව නැවත්   අවසන් වරට එකසත්ජාතික පක්ෂය බලය පිහිටවාගෙන පැමිණි අතර, මෙවර  එහි බළය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ලබා ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment