එජාප සාමාජිකයන්ට ඩිජිටල් හැඳුනුම්පතක්

89

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සඳහා ඩිජිටල් සාමාජික හැඳුනුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (27දා) පැවසීය.

එජාප නිර්මාතෘ මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 22 වැනිදා පක්ෂයට සාමාජිකයන් ලියාපදිංචි කරගෙන ඩිජිටල් සාමාජික පත ලබාදීමට කටයුතු කරන බව ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා මෙසේද කීය.

ජාතික හැඳුනුම්පතේ නම සඳහන් ආකාරයට මෙම ඩිජිටල් සාමාජික හැඳුනුම්පත සකස් කරනවා. මේ හැඳුනුම් පත‍්‍රය ළඟ තියෙන කෙනෙකුට අපේ රජයක් යටතේ කිසියම් පළාතකට හෝ කාර්යයක් කර ගැනීමට යෑමේදී තමන් පදිංචි ප‍්‍රදේශයේ අපේ මන්ත‍්‍රීවරයකුගේ ලිපි අවශ්‍ය වන්නේ නැහැ. සාමාජික කාඞ්පත තියෙන පුද්ගලයාට එම කාඞ් පත ඉදිරිපත් කර තම සේවාවන් කරගැනීමට හැකියි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment