එදා අධිරාජ්‍යවාදීන් සූරාගෙන කාපු විදිහටම සමාජවාදී ව්‍යාපාර නැති කරන්න හදනවා

67

ලසසප ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ

ඇමරිකාව සමාජවාදී රටවල සමාජවාදී ව්‍යාපාර නැති කරන්න හදනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පක්‍ෂය තුළ ප්‍රශ්නයක් ඇතිවුණා. එය නිර්මාණය කර ගැනීමට අධිකරණය හමුවට යනවා. ඊට අධිකරණ විනිසුරුවරුන් සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

මහාචාර්යවරයා එසේ පැවසුවේ ඊයේ (1 දා) ලෝක කම්කරු දිනය නිමිති කරගෙන රාජගිරිය වටරවුම අසල පිහිටි දිවංගත ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා එක්වූ අවස්ථාවේදීය. රතු මල් කළඹක් තබා දිවංගත තම නායකයාට ගෞරව දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

මම කොමිටියක් පත් කළා. පක්‍ෂයේ ඉහළ පිරිසකට විශාල මුදලක් ලැබෙනවා කීවා. ඒක ගැන හොයල බලලා වාර්තාවක් දෙන්න කීවා. ඒ මණ්ඩලය කිව්වා ඒ අයට පිටස්තර ආධාර ලැබී තිබෙන බව. ඇමරිකාව සමාජවාදී ව්‍යාපාර නැති කරන්න හදනවා. එදා අධිරාජ්‍යවාදීන් සූරාගෙන කාපු විදිහටම නැවත වාමාංශික තරුණ පිරිස් නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හදනවා. ඔබතුමාට පක්‍ෂ කාර්යාලයට යන්න බැරිවෙයි දැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තිස්ස විතාරණ මහතා මෙසේද පැවසීය.

ඒක මම දන්නේ නෑ. මතුවන තත්ත්වය අනුව තීන්දු වෙයි. අපි බලමු, අවශ්‍ය පියවර ගන්න බැරි වුණොත් උසාවි යන්න වේවි. හොඳ තීරණ ගන්න විනිසුරුවරුන් සිටිනවා.
සටහන සහ පින්තූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment