එදා තිබූ සාමකාමී බව අද ශ්‍රී ලංකාවේ නැහැ: ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති

229

ශ්‍රී ලංකාව සාමකාමී රටක් යැයි ද එහෙත් අද එම තත්ත්වය නැතැයි ද ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා ප්‍රකාශ කළහ.

රත්නපුර පේදුරු පාවුළු දෙව්මැදුරේ පැවැති වාර්ෂික මංගල්‍ය උත්සවයට සහභාගි වෙමින් වතිකන් තානාපතිතුමන් එසේ කීයහ.

මේ අනුව අද තත්ත්වය ගැන සලකා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව සාමකාමීව ක්‍රියාකිරීම වැදගත් යැයි ද එම අගරදගුරුතුමා පැවසූහ.

ක්ලීටස් චන්ද්‍රසිරි රත්නපුර රජගුරුතුමන්, ඩේමියන් ප්‍රනාන්දු පියතුමන් සහ නිරෝෂන් ඩයස්, උමේෂ් මාලින්ද, ජෙනී කෘස් පියතුමන්ලා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment