එදා පත්තරෙන් – පත්තර කඩදාසි ටොන් දාහක් රජය බලයෙන් අත්කර ගනියි

400


* රුක්මන්  දැදිගමට දිවුරුයි

දැදිගම මන්ත‍්‍රීවරයාව සිටි මේ රටේ සිව්වරක් අගමැති ධුරයද හෙබවූ ජනනායක ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ දැදිගම ආසනයේ මන්ත‍්‍රී පුරප්පාඩුව සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් රුක්මන් සේනානායක මහතා ජයග‍්‍රහණය කිරීම හා ඔහු දිවුරුම් දීම 1973 ජූලි මස 11 වැනිදා දවස පුවත්පත වාර්තා කර තිබූ අන්දම හා එහි ප‍්‍රධාන පුවත් එදා පත්තරෙන් තුළින් අද අපි ඔබට ඉදිරිපත් කරමු.

‘‘රටපුරා ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් දැදිගම අතුරු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ රුක්මන් සේනානායක මහතා අද සවස 2ට ජාතික රාජ්‍ය සභාවේදී දැදිගම නව මන්ත‍්‍රීවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතය. විපක්‍ෂයේ දෙවන පෙළ අසුනක් ඔහුට හිමිවේ.

බලයේ සිටින රජයේ මුළුමහත් ශක්තියම යොදමින් රජය මෙතෙක් කළ සේවය ජනතාව ඉදිරියේ කියා පෑ වර්තමාන තත්ත්වය උරගා බැලෙන පරිදි රජයට අන්ත පරාජයක් අත්කරදෙමින් ජාතික රාජ්‍ය සභාවට (එවක පාර්ලිමේන්තුව හැඳින්වූයේ එපරිදිය) තෝරාගත් රුක්මන් සේනානායක මහතා මෙතෙක් පත්වූ ළාබාලම මන්ත‍්‍රීවරයා වන්නේය. රුක්මන් සේනානායක මහතාගේ වයස අවුරුදු විසි පහකි.’’

ඡුන්ද ප‍්‍රතිඵලය රුක්මන් සේනානායක මහතා (එජාප) ඡන්ද 23,806, ධර්මසිරි සේනානායක මහතා (ශ‍්‍රීලනිප) ඡුන්ද 18,798 සිරිසේන රාජපක්‍ෂ මහතා (ස්වාධීන) ඡුන්ද 205 නරක්වූ ඡුන්ද 139 වැඩි ඡුන්ද 4,508 ඡුන්දය දුන් මුළු සංඛ්‍යාව 42,675 ලෙස එහි සටහන්ව තිබිණි.

සේනානායක මහතා නව මන්ත‍්‍රීවරයා ලෙස 1973 ජූලි 10 වැනිදා දිවුරුම් දීමට කළින් නියමිතව තිබුණත් එම ආසනයේ ඡුන්ද ප‍්‍රතිඵල වලින් පසු ඇතිවූ කලබලකාරී තත්ත්වයත් ගිනි තැබීම් වලට ලක්වූ නිවෙස් කිහිපයක් වෙත හා තුවාල ලැබූ කිහිපදෙනෙකු ප‍්‍රතිකාර ලැබූ රෝහල් වෙතද සේනානායක මහතා සංචාරය කිරීම නිසා එම දිවුරුම්දීම පසුදිනට කල්තැබූ බවද එහි විය. තිලකසිරි අල්ගම සහ ගුණපාල රණසිංහ නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනා එම ප‍්‍රධාන පුවත එදා ලියා තිබිණි. රුක්මන් සේනානායක මහතා තම පියා වූ රොබට් සේනානායක මහතා සහ මව සමඟ ඡුන්ද ප‍්‍රතිඵලවලින් පසු පෙනී සිටින ඡුායාරූපයක් ද එහි විය. බර්ටි මැන්ඩිස් විසින් එම සේයාරුව ගෙන තිබිණි.

මේ අතර එහි වූ තවත් පුවතක් වූයේ එම පුවත්පත් කන්තෝරුවට 1973 ජූලි 10 වැනිදා සවස රජයේ බලධාරීන් පිරිසක් පොලිසියද සමඟ විත් එහි තිබූ පුවත්පත් මුද්‍රණ කඩදාසි ටොන් 1000ක් රජය බලයෙන් අත්කර ගැනීමේ සිදුවීමයි. රජයේ නියෝගය පරිදි

නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලයේ අලෙවි කළමනාකාරවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් පැමිණ එම කඩදාසි තොගය රැුගෙන ගිය වගද එහි වාර්තාකර තිබුණේ ඡුායාරූපයක්ද සමගිනි. එම වකවානුවේ මෙරටේ පැවැතියේ සමගි පෙරමුණු රජයයි. එවක පැවැති රජයේ කි‍්‍රයා කලාපයන් එම පුවත්පත දැඩිව විවේචනය කරමින් වාර්තා කිරීම නිසා උරණවී එම කි‍්‍රයාමාර්ගය ගත් බවක්ද පසුව එවක විපක්‍ෂ දේශපාලන නායකයන්ද සඳහන් කර තිබිණි.

ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීම සම්පූර්ණ කරමින් සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම විශේෂ විධිවිධාන පනතේ වගන්ති ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට අධිකරණය කළ දැනුම් දීම ජාතික රාජ්‍ය සභාවට එදා කථානායක ස්ටැන්ලි තිලකරත්න දන්වා සිටීමද මේ රටේ සිටි කෘතහස්ථ හා මහත්මා දේශපාලනයේ වැදගත් චරිතයක් වූ උතුරු කොළඹ මහජන මන්ත‍්‍රීවරයාව සිටි හිටපු ක‍්‍රීඩා හා ජනසතු සේවා අමත්‍යවර වී. ඒ. සුගතදාස මහතා 1973 ජූලි මස 10 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්තවීමද එහි මුල් පිටුවේ වූ තවත් පුවතකි.

නාරද

kandos18
advertistmentadvertistment
advertistmentadvertistment