එදා පත්තරෙන්… 1905 දී පළවූ සිංහල පුවත්පතකින්… එල්ලා මරන්ට නියම වූ කර්තෘ මැක්සිම් ගෝර්කි…

845

සම්භාව්‍ය රුසියානු ලේඛකයෝ සිංහල පාඨක ඔබට ආගන්තුක නොවෙති. පුෂ්කින්ගෙන් ඇරඹි ගෝර්කිගෙන් අවසන් වන ඒ දැවැන්ත සාහිත්‍යවරයන් අතර මැක්සිම් ගෝර්කිව කියැවෙන්නේ කර්කෂ වූ සමාජ යථාර්ථය සමාජවාදී දෘෂ්ටියකින් තම කෘතිවල ප‍්‍රස්තූනන්ට පාදක කර ගනිමින් පාඨක මනස අවදි කළ මහා ලේඛකයකු සහ  ගන්ථ කර්තෘවරයකු ලෙසිනි.

 රුසියානු විප්ලවය ජයග‍්‍රහණය කරනු උදෙසා ලේඛකයකු ලෙස මහත් කැපවීමක් කළ ගෝර්කිට 1902 දී වී. අයි. ලෙනින් හඳුනා ගැනීමට ලැබිණි. පසුව බොල්ෂෙවින් පක්‍ෂයට බැඳී ඔහු දේශපාලනයේද යෙදුණේය. ඒ වෙනුවෙන් කිහිප වරක්ම ඔහුට හිරබත් කෑමටද සිදුවිය. (ගෝර්කි 1936 ජුනි 14 වැනිදා විත්තියෙන්*

 මැක්සිම් ගෝර්කි එලෙස සිරගත කරන ලද අවස්ථාවක ඔහුට මරණ දඬුවමද නියමවී තිබේ. පසුව ඔහුට ඉන් නිදහස් වීමට ඉඩ ලැබී තිබේ.

 ‘එදා පත්තරෙන්’ තුළින් අද ඔබ වෙත ගෙන එන 1905 පෙබරවාරි 7 වැනිදා පළවූ ඉපැරණි සරසවි සඳරැුස’ පුවත්පතේ වූ ගෝර්කි සම්බන්ධ විශේෂ පුවතකි මේ ‘එල්ලා මරන්ට නියමවූ කර්තෘ’ මැයෙන් වූ එම පුවතේ මෙසේද විය.

 ‘රුසියාවේ කෝලාහාල ගැන එල්ලා මරනු ලැබීමට නියමිත මැක්සිම් ගෝර්කි නම් පණ්ඩිත කර්තෘ නිදහස් කරන ලද්දේය.

 මේ පඬිතුමා නිදහස් නොකරන ලදැයි මීට පසු තවත් විදුලි පුවතක කියා තිබේ’

 කුරුණෑගල ටවුන් එක සමීපයේ ඇති ගල් පර්වතය පිපිරීමකට ලක්වීම සලෙස්තිනා පීරිස් නම් කාන්තාවක මරන්නට තැත් කළ විත්තිකරුවකුට වසර 17 ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම වීම, ව්‍යවස්ථාදායක සභාවේ පුරප්පාඩු ඇතිවීම ඇතුළු දෙස් විදෙස් පුවත් රැුසක් එහි මුල්පිටුවේ වූයේය.

 නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment