එදා පත්තරෙන්…. 1910 පළවූ දුර්ලභ පුවත්පතක්… මහාමාන්‍ය ඞී. එස්. විවාහ මංගල්‍යය

511

අද සොයා ගැනීමට අපහසු 1910 ජනවාරි 28 දා පළවූ ඉපැරණි ජාතික පුවත්පතක මතකය අද අපි ඔබ වෙත ගෙන එන්නෙමු. මෙහි පහතින් සඳහන් ෙඡ්ද කිහිපයක් අපි එහි අන්තර්ගත එහි මුද්‍රිත භාෂාව හා සිරස්තල අනුවම පළකරනුයේ පුවත් වාර්තාකරණයේ එදා මෙදා වෙනසද ඉතිහාසයේ ඇතැම් සිදුවීම්ද ඔබ වෙත මොහොතක් ගෙන එමිනි.
 
 මෙම පුවත්පතේ මුද්‍රිත ප‍්‍රමාණය විශාල කරමින් එය පළකිරීම ආරම්භ කර ඇත්තේ එම පුවත්පතේ සිරස්තලය අසලම වූ සටහනක් පරිදි ‘‘ලංකා ආණ්ඩුකාර සර් එච්. ඊ. මැකලම් උතුමාණන් වහන්සේ විසින් ගොවිකම් දියුණුව සඳහා සලස්වන ලද ධෛර්යය සිහිපත් කරමින් මෙවර දිනකර ප‍්‍රකාශ පත‍්‍රය විශාල කරන ලදී යන්න සඳහන් කරමිනි. ඒ සමගම තවත් සඳහනකින් ස්වර්ගස්ථවී වදාළ නෛකශ‍්‍රීන් විරාජමාන වික්ටෝරියා රාජාධිරාජිනීන් වහන්සේ විසින්ද සත්වෙනි ඇඞ්වර්ඞ් මහරජාණන් වහන්සේ විසින්ද දිනකර ප‍්‍රකාශ පත‍්‍රය කරුණු මහිමාතාවෙන් පිළිගැනීමෙන් ආදර බුහුමන් දක්වන ලදී යන්න පළවී තිබේ.

එදා පත්තරෙන්.... 1910 පළවූ දුර්ලභ පුවත්පතක්... මහාමාන්‍ය ඞී. එස්. විවාහ මංගල්‍යය

එහි මුල් පිටුවේ ඇති පුවත් කිහිපයකි මේ.

 සිදුවෙන්නට තිබෙන සරණ මංගල්‍යයයක්

දොන් ස්පෙටර් සේනානායක මුදලිතුමාගේ බාල පුත‍්‍ර වූ ඞී. එස්් සේනානායක මහතා කොළඹ නගර සභාවේ සෙකර්කාරිස් තනතුර දරන ආර්. ආර්. දුනුවිල මහතාගේ බාල දියණිය වූ දුනුවිල තරුණ නෝනා මහත්මිය සමඟ විවාහ බන්ධනයට ඇතුළත්වීමට ගිවිස ගන්නා ලද්දේ යයි කියා තිබේ.
 
 (නිදහස් ලංකාවේ පළමු අගමැති ඞී. එස්. සේනානායකයන් විවාහ ගිවිස ගැනීම පළවූ පුවතකි.*
 
 ඔර්ලෝසු හොරකමක්
 
 ජේ. ආර්. ගි‍්‍රව් මහත්මයාට අයිති රත්රන් ඔරලෝසුවක් සොරකම් කළ වරදට ආබ‍්‍රහම් පේ‍්‍රරා නම් අයකුට විරුද්ධව ගන්නා ලද නඩුවක් කොළඹ පොලිස් උසාවියේ විභාග කර මාස 18ක් හිරේ බරපතළ වැඩට නියම කරන ලදී.
 
 කරුණාවන්ත කුලාංගනාවක්
 
 මෑත පැරිස් නුවරදී කලූරිය කළ ග‍්‍රන්ජින් නම් කුලාංගනාවන් බල්ලන් කුකුලන් ආදී සතුන් ප‍්‍රීතිය සඳහා ඇති දැඩි කොට එම උත්තමියගේ මරණින් පසු එම සතුන්ට කෑම පිණිස ඇගේ බූදලයෙන් අවුරුදු පතා ස්වල්ප මුදලක් වියදම් කිරීමට නියම කර තිබේ. බල්ලෙකුට දවසකට සිලිමකුත් පැන්ස තුනක්ද කුකුලෙකුට දවසකට පැන්ස 7 1/2 බැගින්ද යනාදී ලෙස සතුන් 200 දෙනකුට වියදම් කිරීමට මිල නියම කර තිබේ.
 
 මිනීමැරුම් නඩුවක්
 
 ග‍්‍රෑන්ඞ්පාස් වීදියේ පදිංචි ගුරුනාදන් නම් දෙමළ මිනිසා විසින් පසුගිය නොවැම්බර් 14 වැනි දින ඔහුගේ ස්ත‍්‍රියගේ සහ ඔහුගේ දරුවාගේත් බෙල්ල කපා මැරූ වරදට ගන්නා ලද නඩුව වෝල්ටර් පෙරේරා විනිශ්චයකාරතුමා ඉදිරියේ විභාග විය. මේ ස්ත‍්‍රී සහ දරුවාත් නිදා සිටි අතර මොහු විසින් බෙලි කපා මරන ලද්දේය. පසුව ඔහුද එල්ලී සිය පණ නසා ගන්නට තැත්කළ නමුත් අසල ගෙදර අයවලූන් විසින් ඒ කි‍්‍රයාව වළක්වන ලද්දේය. විත්තිකාරයා වරදකාරයා බව ජූරි සභාව කී පසු එල්ලා මරන්නට නියම කරන ලදී.
 
 මිනී මරන්නට තැත් කිරීම
 
 රත්නපුර දිස්ත‍්‍රිකුවේ ගම්මුලාදෑනියකුට පිහියෙන් ඇන මරන්නට තැත්කළ වරදට මල්හාමි නම් ගම්වැසියකුට විරුද්ධව ගන්නා ලද නඩුවක්ද වෝල්ටර් පෙරේරා විනිශ්චයකාරතුමා විසින් විභාග කර අවුරුදු 5ක් හිරේ බරපතළ වැඩට නියම කරන ලදී.
 
 මීගමුවේ අඩන්තේට්ටම් නඩුව
 
 තෝමස් කේරි මහත්මයාට සහ උන්නැහේ දකින්නට ඇවිත් සිටිය පැන්ස ධනවත් මහතෙකුටත් මීගමුවේ පොලිසිය විසින් බලවත් අඩන්තේට්ටම් කළ වරදට ගන්නා ලද නඩුව දැනට විභාග වේගෙන යන්නේය.
 
 පොලිසියට රාජකාරි කරන්නට බාධා කළ වරදට පොලිසිය විසින්ද කේරි මහත්මයාට විරුද්ධව නඩුවක් ගෙන තිබේ.
 
 කේරී මහත්මයාට පොලිස්කාරයන් විසින් ගැසීමෙන් 19 පළක තුවාල වී තිබෙන බව කියා තිබේ. ප‍්‍රන්ස මහතාට කළ අඩන්තේට්ටම් ගැන ප‍්‍රන්ස ආණ්ඩුව වෙනුවෙන් මෙහි සිටින තානාපතිතුමා විසින් උතුමාණන් වහන්සේට පැමිණිිලි කර සිටි බව දැනගන්නට තිබේ.
 
 මිනියක් භූමදාන කිරීම
 
 රිජිස්ටර් කරනු නොලැබූ ඉඩමක මෘත ශරීරයක් භූමදානය කළ වරදට ජේම්ස් සිල්වා නම් අයකුට විරුද්ධව කොළඹ පොලිස් උසාවියේ නඩුවක් විභාග විය. විත්තිකාරයා වරදකාරයා බව ඔහුම කියා සිටියේය. ඔහුට රුපියල් 10ක් දඩගසන ලදී.
 
 තවත් දඩයක්…
 
 කොළඹදී නැසීගිය අයකුගේ මෘත ශරීරයක් නිසිලෙස අවසර නොලබා නගරයෙන් පිට ගෙන ගිය වරදට ගන්නා ලද නඩුවක්ද පොලිස් උසාවියේ විභාග කර රුපියල් 10ක් දඩගසන ලදී.
 
 හිරකාරයෙක් සැඟවීයාම..
 
 දීර්ඝ කාලයකට හිරේට නියම වී සිටි හිරකාරයෙක් මේ මස 22 වෙනි දින මහර හිරගෙයින් සැඟවී ගියේය……
 
 (සිරකරුවෙකු පැනයාම පිළිබඳව සඳහන් වන්නේ එපරිදිය.*
 
 ස්ත‍්‍රී පුරුෂ වෙන්වීම
 
 ස්ත‍්‍රී පුරුෂයන් වෙන් වීමට එංගලන්තයේ මහෙස්ත‍්‍රාත්වරු විසින් අවුරුදු පතා දෙන නියෝගවල සංඛ්‍යාව හත්දහසක්ය. එහි පවුල්වල සමාදාන අඩු බව මෙයින් පෙනේ.
 
 ගජමන් නෝනා….
 
 එම පුවත්පතේ ඇති වෙළෙඳ දැන්වීම් අතර ගජමන් නෝනා නම් කිවිඳියගේ ප‍්‍රබන්ධ පිළිබඳ ගජමන් නෝනාගේ කවි පොතක් තුන්වැනි වරට අච්චු ගස්සවා ඇති බවත් ශත විසිපහක මිලකට හා ශත 2ක තැපැල් වියදමකට එම පත‍්‍රයේ කන්තෝරුවෙන් මිලදී ගතහැකි බවක්ද එහි විය. එමෙන්ම බැංකු දැන්වීමක ද එහි වූයේ රුපියල් දාහකට අඩුවෙන් ගණන් වලට සියයට හතර බැගින්ද රුපියල් දාහ සහ ඊට වැඩි ගණන් වලට සීයට තුන බැගින්ද මුදල් දමන්නට 1910 3 වෙනි නියෝග ප‍්‍රකාරව පොලී වශයෙන් ගෙවන ලෙස සෙවින්ස් බෑන්ක් නම් මුදල් භාණ්ඩාගාරය ඩිරැුක්ටර්වරු නියම කළ බව දන්වමි. මීට ඊ. ක‍්‍රට්සර් ලේකම් තැන ලංකාවේ සෙවින්ස් බෑංක් නම් මුදල් භාණ්ඩාගාරයේදීය.
 
 මේ අතර එම පුවත්පතේ කතුවැකියේ මාතෘකාව වූයේ ‘‘ශ‍්‍රී ලංකාව සහ සිංහලයො’’් යන්නයි.

advertistmentadvertistment
advertistmentadvertistment