එදා රට වැනසූ ජාවාරම්කාරයෝ සහ ඩීල්කාරයෝ තවමත් රට වනසමින් සිටිනවා

102

එදා රට කා තවමත් වනසන ජාවාරම්කාරයෝ හා ඩීල්කාරයෝ රටේ බලය වටා රැඳෙමින් ආර්ථිකය කා දැමීම ජයටම කරගෙන යන බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා,

මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපති ධුරයත් ඔහුගේ කැබිනට් මණ්ඩලයත් යටතේ මාස කිහිපයක් අපේ රට කටයුතු කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා දක්ෂ කළමනාකරණ හැකියාවක් තියෙන හොඳ පාලකයෙක් බව ගොඩක් අය කියනවා අපි අහල තියෙනවා. නමුත් ඒක එහෙම ද කියලා ප්‍රශ්න කරන්න අපිට සිදුවෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලයේ යම් සිදුවීම් නිසා ඉන්ධන අර්බුදය තිබුණා. ඒ ඉන්ධන අර්බුදය කළමනාකරණය කරනවා නම් ප්‍රමාද ගාස්තු ගෙවීම නතර වෙන්න ඕන. නමුත් අද පත්තරය තුළ තියෙනවා ඩොලර් නැතුව බොර තෙල් නැවක් දින 44ක් මුහුදේ කියලා. එහිදී ප්‍රමාද ගාස්තු කෝටි 250 පැනලා ගෙවන්න සිදුවෙලා මේ ප්‍රමාද ගාස්තු ගෙවන පළවැනි අවස්ථාව නෙවෙයි. මීට පෙර අවස්ථා කිහිපයක් ගෙවලා තියෙනවා. මේ ප්‍රමාද ගාස්තුව සමානයි ආසන්න වශයෙන් අපේ රටේ මාසෙකට අවශ්‍ය ගෑස් ප්‍රමාණය ගේන්න යන ඩොලර් ප්‍රමාණයට. කළමනාකරණය මනරම් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අපි දන්නවා මේ වනවිට බාල ඉන්ධන, බාල දැවි තෙල් මෙටි්‍රක් ටොන් 27000ක් තියෙනවා. ඌරල් එනර්ජි කියන සමාගමෙන් ගෙන්නපු මේ දැවි තෙල්වල සල්ෆර් ඉතාම අධිකයි ඒ නිසා පාවිච්චි කරන්න බැරුව ගොඩ ගහල තියෙනවා. එහිදී මේ බාල බොරතෙල් ගේන්න කටයුතු කරපු අය කවුද, අපි දන්න විදියට නම් රොකට් යවපු පුත්‍රයකු තමයි මේකෙ දේශීය ඒජන්තවරයා විදියට කටයුතු කරන්නේ. මේ විදියට තවදුරටත් රාජපක්ෂ පුතුන්ට ඩීල් දාන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා අවස්ථාව දීලා තියෙනවද, එහෙම නැති වෙන්න බැහැ අපි දන්නවා කෙලවරපිටිය බලාගාරයට අවශ්‍ය දැවි තෙල් ටික දීගන්න බෑ මොකද ගෙනත් තියෙන ඒවා බාලයි පුතුන්ගේ ඒජන්ත සමාගම ගෙනත් තියෙන්නේ. මේවා තවදුරටත් සිදු වෙනවා රටේ ජාවාරම්කාරයෝ ටිකයි ඩීල් කාරයෝ ටිකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වටේ ඉන්නවා.

මැතිවරණ තියෙනවා වැනි තීන්දු ගන්න කොමිෂන් සභාවල බලයක් නැත කියල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ගෝලබාල සෙට් එක කියනවා. අපිට බොහොම පැහැදිලිව පෙනී යනවා විධායකය විසින් කොමිෂන් සභා බලය අක්‍රමණය කරමින් යන බව ඒ වගේම මැතිවරණ සිතියම අකුලමින් යන බවත් පේනවා. එතුමා කියනවා ඊයේ පෙරේදා තිබුණු උද්ඝෝෂණයෙන්ම ජනමතය කොතනද තියෙන්නෙ කියලා ඒ අයට පෙනුනා කියලා. අනේ උද්ඝෝෂණවලින් ජනමතය කොතනද කියන්න අමාරුයි අකිල විරාජ් මහත්තයෝ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ නායක කාරකාදීන්ට අපි කියනවා ජනමතය තියෙන තැන බලන්න මැතිවරණයක් තියන්න කියලා අපි අභියෝග කරනවා. මැතිවරණයක් තියන්න ජනමතය කොතනද ඉලක්කම් දෙකේ සීමාව පැනගන්න බැරි පක්ෂ සංවිධාන ජනමතය කොතනද තියෙන්නේ කියලා අපට කියලා දෙන්න හදනවා. ඒක රටේ ජනතාව පෙන්නාවි මැතිවරණය තිබුණා නම්. ඒ නිසා මැතිවරණ කල් දාන්න යන්න එපා. එහෙම කරලා වෙන්නේ දේශපාලන දිවියම අකුලගෙන යන්නයි.

පසුගියදා තිබුණේ අපි පක්ෂයක් විදිහට සංවිධානය කරපු උද්ඝෝෂණයක් නෙවෙයි පක්ෂයක් විදිහට අපි සහයෝගය දුන් උද්ඝෝෂණයක්. සිවිල් සංවිධාන නොයෙකුත් වෘත්තීය සමිති තමයි සංවිධානය කර අපිට ආරාධනා කිරීමක් පමණයි කළේ. එතන තිබුණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව සහ රජයේ මර්දනයට විරුද්ධව විරෝධතාවක් සංවිධානය කර තිබුණේ ඒ කරුණුවලට අපිටත් එකඟ වෙන්න පුළුවන් වසන්ත මුදලිගේ, සිරිධම්ම හිමි ඇතුළු අපේ මතවාදය දරන්නේ නැහැ. ඔවුන් වෙනත් මතවාදයක් දරන පිරිස්. නමුත් අපි ඒ මතවාදයට එකඟ නොවුණට ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අනීතිකව ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපි පක්ෂයක් විදිහට විරුද්ධයි. එහිදී පොදු වේදිකාවකට අපිට නගින්න පුළුවන්. එතන විවිධ මත දරන පිරිස් හිටිය පොලිසියටත් හූ කිව්වා අපි දන්නේ නැහැ කාටද හූ කිව්වේ කියලා.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික හා උපදේශක, දේශමාන්‍ය ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා.

අරගලයෙන් ගෝඨාභය එළෙව්වේ දැන් කුමක්ද වුණේ ජනතාව බලාපොරොත්තු වුණා ජනතා පරමාධිපත්‍යයෙන් ඡන්දයෙන් නව පුද්ගලයෙක් පත් කරන්න. නමුත් මේ ගොල්ල හිතේ තියාගෙන හිටියත් පොහොට්ටුව තවදුරටත් ඒගොල්ලොන්ගෙ පක්ෂය කෙනෙක් හෝ මහින්ද රාජපක්ෂගේ කෙනෙක් පත් කරොත් ජනතාව මහා ලේ වැගිරීමක් ඇති කරලා රාජපක්ෂලාට විරුද්ධ ව නැගීසිටින නිසා ජනතාව කුණු කූඩයට දාපු පාර්ලිමේන්තු මැතිවරණයක් වත් දිනා ගන්න බැරි අයකු පත් කරා.

අරගලය තුළින් ජනාධිපති ධුරය හිස් වුණාම අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු විපක්ෂයේ වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් තිබුණේ. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ වැළඳගෙන හිටියේ රනිල් වික්‍රමසිංහව නෙමෙයි එක්සත් ජාතික පක්ෂ සියලු අය වැළඳගෙන හිටියේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඇත්තටම එතුමාටත් ආරාධනා කළා එන්න කියලා. එහිදී එතුමා පළවෙනියෙන්ම කිව්වේ මුකුත් නෙමෙයි මේක වටකරගෙන හොරකම් කරනවා තිරිසන් විදිහට වංචා කරනවා. කෝටි ගණන් වංචා කරන රාජපක්ෂලත් එක්ක මට වැඩ කරන්න බැහැ. මම ජනතාව බේරා ගැනීමේ සටන උත්තරීතර ප්‍රමුඛත්වයක් අරගෙන හොරකම් නතර කරලා නිහතමානි රාජ්‍යයක් ඇති කරන්න ඕන නම් රාජපක්ෂලා බහින්න ඕන මට ඔය ජනාධිපති තනතුරට වඩා මගේ මහජනතාවට සෙතක් කරන්න ඕන කියලා එතුමා එලෙසම ප්‍රතික්ෂේප කළා. උදාර නායකයෙක් සජිත් ප්‍රේමදාස කියන්නෙ. නායකතුමා ඒක භාර ගන්නේ නැතිව ඉන්න විට රනිල් වික්‍රමසිංහ මහතා එය භාර ගත්තා. ඒකෙන් පොහොට්ටුවේ අය රැකුණා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment