එදා සෞඛ්‍ය උපදෙස් මායිම් නොකළ අය කොරෝනා දුරදිග ගිය පසු ඒවා පිළිපදිනවා

739

සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකටවත් මායිම් නොකර අඩුපාඩු කතාකළ උදවිය කොරෝනා වසංගතය දුරදිග ගිය පසු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනට ඊයේ (22 දා) ප‍්‍රකාශ කළේය.

සෞඛ්‍ය උපදෙස් පැහැරහැරිය පුද්ගලයින් මේ ක‍්‍රියාමාර්ගය එදා පිළිපැද්දේ නම් තත්ත්වය මේ තරමට දුරදිග යන්නේ නැතැයිද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

මේ මොහොතේ අපට අවශ්‍ය වී ඇත්තේ රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමට යැයිද මෙය ජාතික ප‍්‍රශ්නයක් යැයිද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රට වැසීමේදී එදිනෙදා ආදායම් ලබන ජනතාව පිළිබඳව අප සිතා බැලිය යුතුව තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නෝමන් පලිහඩවන
 

advertistmentadvertistment
advertistmentadvertistment