එන්ජින් ගසා විදුලි වාහන තෙල්වලට හැරවීමේ මගඩියක්

549

විදුලි වාහන සඳහා නීති විරෝධීව එන්ජින් සවිකරමින් ඒවා ඉන්ධන මගින් ධාවනය වන වාහන බවට පරිවර්තනය කරන ජාවාරමක් මෙරට තුළ ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා විදුලි වාහන සංගමයේ සභාපති මහිසංක අබේවික‍්‍රම මහතා පවසයි.

රජයේ ප‍්‍රතිපත්ති හා නීතිරීතිවලට පටහැනිව මෙය සිදුකරන බවත් වාහන ගෙන්වීම තහනම් කර ඇති මොහොතක මෙය සිදුකිරීමට පෙලඹී ඇති බවත් ඒ මහතා කියයි.

2015 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකාවේ භාවිතයට විදුලි වාහන පැමිණියත් විදුලිබල මණ්ඩලය විසින් අත්තනෝමතිකව සිදුකරනු ලැබූ ස්ථාවර ගාස්තු ගණනය කිරීමේ වෙනස හේතුවෙන් ගෘහස්ථ සූර්යබල පද්ධති හිමියනට සිදුවන අසාධාරණයටද, විදුලි වාහනවලට එන්ජින් සවිකර ඉන්ධන භාවිතයට පරිවර්තනය කිරීම හේතුවක් වී ඇතැයි ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment