එන්ජිම නැතිව ගිය දුම්රිය මැදිරි

732


ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී අද උදෑසන එන්ජිම මැදිරිවලින් වෙන්වී කිලෝ මීටරයක් පමණ ධාවනය වී තිබේ.

උතුරු කළුතර සහ නොම්මර 1ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී මෙම සිදුවීම වී ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

නියාමක මැදිරියේ කප්ලිමට ඉහළින් දුම්රිය එන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් එය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

advertistmentadvertistment
advertistmentadvertistment