එන්ජීඕ මුදල්වලට නව නීතියක්

161

ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළීමට විවිධ අරගල දියත් කිරීම ව්‍යාර්ථ කිරීම සඳහා මින් මතු විදේශවලින් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදෙන අරමුදල් විදේශ අරමුදල් ගිණුම නමින් රජයේ බැංකුවල තැන්පත් කළ යුතු බවට නව නීතියක් පැනවීමට රජය තීරණය කර ඇත.

මෙම විදේශ අරමුදල් ගිණුමේ මුදල් දේශපාලන කටයුතුවලට යෙදවීම තහනම් වන අතර එම මුදල් වෙනත් ගිණුම්වලට මාරු කළ නොහැක.

එකී විදේශ අරමුදල් රහසිගත මූල්‍ය ආයතනවල ද යෙදවීම ද තහනම් වෙයි. එසේම රාජ්‍ය නොවන සංවිධානවල ශ්‍රී ලංකා ප්‍රධානීන් ලෙස විදේශ හමුදා නිලධාරීන් පත්කිරීමට අවසර හිමිවන්නේ එම හමුදා නිලධාරීන් ගැන ඔවුන් අයත් රටවල පොලිස් වාර්තා මත ය. ගත වූ කාලයේ විදේශ හමුදා නිලධාරීන් පස්දෙනකු මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර ඔවුන් දේශාපලන කටයුතුවලට මැදිහත් වී ඇත. රජය මෙම නව නීතිරීති කෙටුම්පත් කර ඇත්තේ ආරක්‍ෂක හමුදාවට එරෙහිව පවා විදේශ අරමුදල් වැය කිරීමට රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් මිලියන ගණනක අරමුදල් භාවිත කර ඇති බව හෙළිවීමෙනි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment