එන්නතට පමා නොවීම පිණිස

787

‘‘මෙතෙක් එන්නතක් ලබා නොගත් අයෙක් සිටීනම් හැකි ඉක්මනින් යුහුසුළු වෙලා එන්නත ලබාගැනීමට ක‍්‍රියා කළ යුතුයි. යම් යම් දුර්මතවලට හසුනොවී හැකි ඉක්මනින් එන්නත ලබාගැනීමට කටයුතු කිරීම ජීවිතය අවදානම් නොකර ගෙන සිටීමට හැකියාවක් ලැබෙනවා.’’ යනුවෙන් හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත්තේ යාපනයේදී පැවති උත්සවයකදීය. එය යාපනය වැසියන්ට පමණක් නොව රටේම ජනතාවට ලබා දෙන පණිවුඩයකි. ඩෙල්ටා පැතිරෙන විට අපට සෙල්ලම් කළ නොහැකිය. පුරවැසි වගකීම වෙනුවෙන් වහාම එන්නත ලබාගත යුතුය. රටේම ජනතාවට ලබන සැප්තැම්බර් මැද වන විට එන්නත් මාත‍්‍රා දෙකම ලබා දීම රජයේ අරමුණ වී ඇත. එන්නත්කරන වැඩපිළිවෙල ඉතා හො`දින් ක‍්‍රියාත්මක වන අවස්ථාවක රටේ ජනතාව නොපැකිලව එන්නත් ලබා ගැනීම ස`දහා ඉදිරිපත්වීම අනිවාර්ය යුතුකමක් වේ. එසේ නොවන්නේනම් ඔහු තම ජීවිතය අනතුරේ හෙළනවා පමණක් නොව තම පවුලේ උදවිය මෙන්ම සමාජයම අනතුරේ හෙළන්නෙකි. ඇත්තෙන්ම විද්‍යාඥයන් වැඩි වැඩියෙන් විශ්වාස කරන්නේ, කොරෝනා වෛරසය සදාකාලිකව ලොව තුළ රැුඳී තිබෙනු ඇති බවය. එසේනම් කොරෝනා ලෝකයෙන් තුරන් නොවන නිසා අපි එය සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නේ කෙසේද? යන ප‍්‍රශ්නය මතුවේ. එයට ලැබෙන හො`දම පිළිතුර වන්නේ වහා කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම පමණකි. වෙනත් විකල්ප නැත. වසූරිය ලෝකයෙන් තුරන් කළ නමුත්, එසේ වසංගතයක් තුරන් කළ හැකි වන්නේ කලාතුරකිනි. එම නිසා අප ඩෙල්ටා ප‍්‍රහාරයේ අනතුර හො`දින් හ`දුනාගෙන වහාම ළ`ගම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් නොමිලයේම ලබා දෙන එන්නත විදගත යුතුය.

 මේ අතර කොරෝනා එන්නත් කිසිදු මාත‍්‍රාවක් ලබා නොගත් කොළඹ නගර සීමාවේ පුද්ගලයන් පන්දහසක් සෙනසුරාදා දිනයේ පොලිස් භාරයට ගෙන, ඔවුන් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී එන්නත්කරණයට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කර තිබේ. එන්නත්කරණය නොකළ පුද්ගලයන් සොයා මෙහෙයුම් කිරීමට සිදුවීමත් කනගාටුවට කරුණකි. මන්ද මේ පුද්ගලයන් සමාජ වගකීම පැහැරහැර ඇති බව පැහැදිලිය. වසංගත සමයේ පොලිසියට රාජකාරි බහුලවී ඇති මොහොතක එන්නත් නොගත්තවුන් සොයා මෙහෙයුම් කිරීමට සිදුවීමද අනුව පෙනෙන්නේ කුමක්ද? තමන්ද සමාජයද අනතුරේ හෙලන තක්කඩින් සෑමතැනම විසිර සිටින බව නොවේද? දිනකට සියයකට ආසන්න පිරිසක් මරණයට පත්වන විට, කොරෝනා මළ සිරුරු ආදාහනය ස`දහා කළුතර දිස්ත‍්‍රික්කයේ ආදාහනාගාර පැය විසිහතර පුරාම ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති සමයක කවරෙකු හෝ තවදුරටත් එන්නත ලබා ගැනීම ම`ගහැරීම බරපතළ අපරාධයකි. වෛරසයකට ‘‘මෙහෙවරක්’’ ඇත, එනම් හැකි තරම් පිරිසකට ව්‍යාප්ත කරවීමය. එහි ප‍්‍රභේදයන් පොදු වන්නේ එබැවිනි. මෙය ලක්වැසි ජනතාව හො`දින් අවබෝධ කරගත යුතුය. වෛරසය ඇති මෙහෙවර නැවැත්විය හැකි වන්නේ ඉක්මනින් එන්නත ලබා ගැනීම තුළින්ම පමණකි. මරණය තමන් කරා වේගයෙන් ළ`ගා වන විට කිසිවකුට එය වැළක්විය නොහැක. මේ වන විට කොරෝනා නිසා මරණයට පත්වූවන්ගෙන් සාතිශය බහුතරය කිසිම එන්නතක් හෝ ලබා නොගත් අයයි.

 පසුගිය ජූලි 5 වන විටත් කොරෝනාවට එරෙහිව ලොව පුරා එන්නත් ලබාගෙන ඇත්තේ බිලියනයකට වඩා සුළු පිරිසක් පමණි. එය ගෝලීය ජනගහනයෙන් 15% කටත් වඩා අවම ගණනකි. එවන් පසුබිමක ලංකාවේ එන්නත්කරණය සැබවින්ම පැසසිය යුත්තකි. එම නිසා ජනතාව නොපැකිලව සිය සමාජ වගකීම ඉටුකළ යුතුය. අපේ ආයාචනය වන්නේ ඉක්මනින්ම එන්නත ලබා ගන්නා ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment