එන්නතට බෑ කිව්වොත් වැඩ වරදී – ජෙ. නි. පොලිස්පති අජිත් රෝහණ

459

පෞද්ගලික හැඳුනුම්පතට අමතරව ‘කොරෝනා’ එන්නත් කාඞ්පත ළඟ තබා ගැනීම ඉදිරියේදී ඉතා වැදගත් වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ට ඊයේ (2 දා) ප‍්‍රකාශ කළේය.

කොරෝනා එන්නත ප‍්‍රතික්‍ෂේප කරන පුද්ගලයන්ට ඉදිරියේදී ප‍්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

විවිධ උත්සවවලට සහභාගිවීමට යද්දී කොරෝනා එන්නත් සහතිකය අනිවාර්යයෙන් අවශ්‍ය බව පැවසූ හෙතෙම කොරෝනා එන්නත ප‍්‍රතික්‍ෂේප කරන පුද්ගලයන් පිළිබඳව අදාළ සෞඛ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට දැනුම් දෙන ලෙසද එහි වැදගත්කම පහදාදී එන්නත ලබාදීම සිදුකළ හැකි බවද පැවසීය.

නෝමන් පළිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment