එන්නත්කරණය පාස් අනිත් ඔක්කොම ෆේල්: මෛතී‍්‍රගේ විවේචනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක් – කරු ජයසූරිය

257

සාගතයක නිමිති පහළ වෙලා
උගත් හඬට ජනාධිපති කන්දුන්නා නම් මෙවන් විපතක් නෑ
යෝජිත ව්‍යවස්ථාවේ ලූහුඬු පිටපත පෙබරවාරි 4 දා රටට හෙළි කරන්න

කොරෝනා වසංගතය මැඬලීම සඳහා රජය දියත් කළ එන්නත්කරණ ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට කැපවුණු සියලූ දෙනාට ගෞරවය පුද කරන නමුත් අනෙක් සෑම අංශයකින්ම රට විශාල කඩාවැටීමකට ලක් වීම කනගාටුවට කරුණක් යැයි ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය.

2021 වසරේදී කොරෝනා වසංගතයත් සමග අපේ ජනතාව අසීමිත දුක් කම්කටොලූ රාශියකට මුහුණ දුන්නා. මේවා එකින් එක නැවතත් අවුස්සමින් අතීතයට දොස් කියන්නවත් එකිනෙකාට අපහාස කර ගැනීමටවත් අපි බලාපොරොත්තු වන්නේ නැහැ.

කොරෝනා වසංගතය මැඬලීම සඳහා රජය කි‍්‍රයාත්මක කළ එන්නත්කරණ ක‍්‍රියාවලිය සාර්ථක වූ බව අපි සඳහන් කරන්නට කැමතියි. ඊට කැපවුණු සියලූ දෙනාට අපගේ ගෞරවය පුද කරනවා.

අනෙක් සෑම අංශයක් තුළින්ම රට විශාල කඩා වැටීමකට ලක් වීම කනගාටුවට කරුණක්. ජීවන වියදම දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගොසින්. අඩු ආදායම්ලාභීන් ආහාර වේල පවා සපයා ගන්නේ අමාරුවෙන්.

හාල්, සීනි, කිරිපිටි, ගෑස්, බෙහෙත් හේත් වර්ග ආදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය සෑම අංගයක්ම අද හිඟව පවතිනවා.

විදේශ විනිමය නොමැතිකම නිසා ජන ජීවිතය පූර්ණ වශයෙන් අවුල් වෙලා.

රජයේ පාර්ශ්වයෙන් මේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් සොයා නැහැ. විවිධ මත පළ කළත් හරි උත්සාහයක් තවම අපිට දකින්න නැහැ. රජයට නිවැරදි මාර්ගය තවමත් තෝරා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ගොවියා අද ඉතා අසරණ තත්ත්වයකට පත්වී තිබෙනවා. බොහෝ ප‍්‍රදේශවල වගා පාළුවට ගිහින්. ආහාර නිෂ්පාදනය 40% දක්වා පහළ වැටෙන බවටත්, මහා සාගතයක පෙර නිමිති දැන් ඇති වෙමින් පවතින බවත්, විද්වත් මතයයි. වගකිවයුතු රජයකට මේ දුක් අඳෝනාවන්ට කන් නොදී සිටීමට බැහැ.

මේ කරුණු රජයේ දැඩි අවධානයට යොමු විය යුතුයි.

රසායනික පොහොර භාවිතය නැවැත් වූ අවස්ථාවේ ඉන් ඇතිවන ප‍්‍රතිවිපාක ගැන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දිගින් දිගටම විශාල හඬක් නැඟුවා. අපි ප‍්‍රකාශ කළේ රටේ ජනතා මතය. ගොවියාගේ මතය.

ඉන්දියානු අගමැති මෝදි අවසානයේ ගොවි මතයට හිස නැමුවා. ගොවි ජනතාවගෙන් සමාව ගත්තා.

උගතුන්, බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය කරන පුද්ගලයන්ගේ හඬට ජනාධිපතිවරයා යම් අවධානයක් හෝ යොමු කළා නම් දැන් ඇති වී තිබෙන මේ මහා විනාශය ඇතිවන්නේ නැහැ.

ගොවියා දේවත්වයෙන් සැලකිය යුතු කණ්ඩායමක් මිස අද මෙන් හිරිහැර විඳිය යුතු කොටසක් නොවේ. අත කනකර ආදිය පවා උකස් කර ඔවුන් ගෙවන දුක්බර ජීවිතය අපි හොඳින් දන්නවා.

අලි මිනිස් ගැටුම් නිසා සිය ගණනක් මිනිස්සුන්ගේ සහ අලින්ගේ ජීවිත විනාශ වෙනවා. මේ වෙනුවෙන් සැකසුණු වටිනා අන්තර්ජාතික තත්ත්වයේ වාර්තා හමස් පෙට්ටියේ පුස් කකා තිබෙනවා.

මේ වාර්තා හා යෝජනා දකින විට අපට ඇති වන්නේ දැඩි කම්පාවක්. මේවා විසඳාගත හැකි ප‍්‍රශ්න. නැත්තේ රජයේ ඒ ගැන කැපවීම හා උනන්දුවයි. දැන්වත් මේ ගැන අවධානය යොමු කරන්න.

රටක ඉදිරි ගමනට ප‍්‍රජාතන්ත‍්‍රවාදී උත්තරීතර ව්‍යවස්ථාවක් අවශ්‍යයි.

රජය පිහිටුවා අවුරුද්දකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව තවත් කල් නොහැර ඉටු කළ යුතුයි. ව්‍යවස්ථාව ජනතා සහභාගිත්වයෙන් සිදු විය යුතු අතර, පාර්ලිමේන්තුවේ සහ ජනතා මුල් වීමක් නොමැතිව ගොඩනගන ව්‍යවස්ථා ජනතාව පිළිනොගන්නා බව රජය වටහා ගත යුතුයි.

මේ රජය බලයට පැමිණ 20 සංශෝධනය ඉදිරිපත් කළ දින සිට එයින් රටට වූ හානිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුළුමනින්ම විනාශ වූ ආකාරය අපි රටටම පෙන්වා දුන්නා. 20 වැනි සංශෝධනයෙන් හා 2/3 පාර්ලිමේන්තු බලයෙන් රටට සෙතක් වුණාද? අවසානයේ එය විහිළුවක් වුණා.

හිටපු ජනාධිපති, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙරේදා 20 වැනි සංශෝධනයේ ආදීනව පෙන්වා දී තිබුණා. වර්තමාන රජයේ හවුල්කරුවකු වෙතින් එවැනි අදහස් ගලා ඒම ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකගැනීමට ශක්තියක්. අපි එය අගය කරනවා.

තවත් විවිධ හේතු සොයා කල් නොගෙන, පොරොන්දු වූ පරිදි රජයේ යෝජිත නව ව්‍යවස්ථාවේ ලූහුඬු පිටපත හෝ පෙබරවාරි 4 නිදහස් දිනය දා රටට හෙළි කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ජනාධිපතිවරයා විසින් රටවැසියාට රාජ්‍යතාන්ත‍්‍රික පොරොන්දුවක් දී ඇති බවත්, එම දින සීමා ද දැන් අවසාන බවත් නිහතමානීව මතක් කර දෙමු. මෙම පොරොන්දුව ජනාධිපතිවරයා විසින් අති ගෞරවනීය උත්තරීතර සංඝ සභාවට ද ලබාදී තිබෙනවා.

පුරවැසියන් වූ අපි මේ පොරොන්දු ඉටුවන තෙක් විශාල බලාපොරොත්තු ඇතිව සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment