එන්නත් කාඞ්පත් තොගයක් ළඟ තබාගෙන සිටි ගාල්ල නගර සභා ප‍්‍රජා සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට

203

කොවිඞ් මර්ධන එන්නත් ලබාදීමේදී එන්නත් කළ බව ලකුණු කරනු ලබන කාඞ්පත් තොගයක් ළඟ තබාගෙන සිටි ගාල්ල නගර සභාවේ ප‍්‍රජා සංවර්ධන නිලධාරියෙකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා කාඞ්පත් ළඟ තබාගෙන එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට එන්නත් ලබාගත් බව ලකුණු කොට මුදලට අලෙවි කරන බවට ලැබුණ තොරතුරක් මත කාඞ්පත් 45ක් සමග සැකපිට අත් අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බර්ට‍්‍රම් ද සිල්වා මහතා පවසා ඇත්තේ එන්නත් ලබාගත් පුද්ගලයින්ට ලබාදීම සඳහා නිකුත් කළ එන්නත් කාඞ්පත්වලින් ඉතිරි ප‍්‍රමාණය ඔහු සතුව තිබූ බවයි. ඒ අනුව නැවත දැනුම් දුන් අවස්ථාවක පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා සැකකරුව පොලිස් ඇපමත මුදාහැර ඇත. ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා පැවසුවේ කෙසේ වෙතත් මෙම පුද්ගලයා මෙම කාඞ්පත් අවභාවිත කර තිබේද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.

අහංගම සුගතපාල දීයගහගේ,වංචාවල ගැමුණු චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment