එන්නත් කාඞ්-පෝරම කෝටි 4 ක් මුද්‍රණය කරයි

381

කොවිඞ් එන්නත්කරණයේදී භාවිතට ගනු ලබන කාඞ්පත් සහ පෝරම කෝටි 4 ක් මුද්‍රණය කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කළ බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ඊයේ (15 දා) පැවසුවාය.

රජයේ මුද්‍රණාලයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණු කොවිඞ් එන්නත් සටහන් කාඞ්පත් කෝටි 02 ක්ද ඒ සඳහා භාවිතා කරන පෝරම කෝටි 02 ක්ද මුද්‍රණය කර අවසන් කළ බව ද ඇය කීවාය. මේ සඳහා ඇනවුම් භාරදීමේදී මුද්‍රණාලයට රුපියල් මිලියන 40 ක් ලැබුණු බවත් තවත් එවැනි මුදලක් මුද්‍රණාලයට ලැබීමට නියමිත බවත් ඇය කියා සිටියාය.

මුද්‍රණාලයට ලැබුණු ඇනවුමට අදාළව කාඞ්පත් සහ පෝරම මුද්‍රණය අවසන් කර ඇති බවත් තවත් එම කාඞ්පත් හා පෝරම මුද්‍රණය කිරීමට අවශ්‍ය බවට දැනුම් දුනහොත් ඒ සඳහා කටයුතු කරන බවත් ඇය පැවසුවාය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment