එන්නත් තුනම නොගත් අයට අපේ‍්‍රල් 30 සිට පොදු ස්ථාන තහනම්

199

* සෞඛ්‍ය ඇමැතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබා නොගත් අය පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අය ලෙස සලකමින් එම පිරිසට ලබන අපේ‍්‍රල් 30 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පොදු ප‍්‍රවාහන සේවාවන් ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබාගත් බව සඳහන් එන්නත් කාඞ්පතක් නොමැති කිසිවකුට අපේ‍්‍රල් මස 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කෙරේ. මෙයට අදාළව ඉකුත් ජනවාරි 25 වැනිදා නමින් නිකුත් කර ඇති අංක 2264/9 දරන එම ගැසට් නිවේදනයට අනුව පූර්ණ එන්නත්කරණයක් සිදු කර ඇති බවට ඔප්පු කිරීමට සාධකයක් නොමැති කිසිම පුද්ගලයකුට අපේ‍්‍රල් මස 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළු විය නොහැක.

පූර්ණ එන්නත්කරණය යනුවෙන් මෙරට හැඳින්වෙනුයේ එක් කොරෝනා එන්නතකින් ලබා ගත් මාත‍්‍රා දෙකට අමතරව තුන්වැනි එන්නත් මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත‍්‍රාව ලබාගත් අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment