එන්නත් දෙකම නැත්නම් එළියට යෑම තහනම්

783

වයස අවුරුදු 30 වැඩි පුද්ගලයන්ට ලබන සැප්තැම්බර් 15 වැනිදායින් පසු පොදු ස්ථානවලට යෑමට අවසර හිමිවන්නේ කොවිඞ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ගත් බවට සහතිකයක් ඇත්නම් පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ පැවසීය.

 එම දිනය වනවිට රට පුරා වයස අවුරුදු 30 ට වැඩි සියලූ දෙනාට කොවිඞ් මර්දන එන්නත් දෙකම ලබාදී අවසන් කිරීමට සැලසුම්කර ඇතැයි ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 මේ අතර දැනට රට තුළ සීඝ‍්‍රව කොවිඞ් රෝගය පැතිර යෑම පාලනය කිරීම සඳහා නැවත දැනුම් දෙනතුරු පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

 මෙම තහනම පෙරේදා (13 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියත්මක අතර පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙන්නේ සෞඛ්‍ය, වරාය, ගුවන් තොටුපළ ඇතුළු අත්‍යවශ සේවාවන්හි සහ කෘෂිකර්මාන්ත සේවාවන්හි නිරතවන හා අයෝජන මණ්ඩලය විසින් අනුමත ඇඟලූම් කම්හල්හි රැුකියාවෙහි නිරත පිරිස්වලට පමණි.

 පළාත් අතර පොදු ප‍්‍රවාහන සේවය මෙවර නතර කර ඇති අතර රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ කාර්ය මණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතා අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප‍්‍රධානීන්ට පැවරේ.

 පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්ය මණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment