එන්නත් දෙකම නැත්නම් සැප්: 15 දා සිට ගැවසෙන්න තහනම්

517

පවතින උග‍්‍ර කොවිඞ් වසංගතය පාලනය සඳහා ඊයේ (13 වැනිදා) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. පළාත් අතර පොදු ප‍්‍රවාහන සේවාවන් ද නතර කිරීමට පියවර ගෙන ඇති අතර පළාත් සීමාවන් ඔස්සේ ගමන් කිරීමට අවසර හිමිව ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන පිරිස්වලට පමණි.

 වරාය, සෞඛ්‍යය, ගුවන්තොටුපළ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවනට සහ කෘෂිකර්මාන්ත මෙන්ම ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති ඇ`ගලූම් කම්හල්වල සේවය කරන පිරිස්වලට ද පළාත් අතර ගමන් කිරීමට අවසරය ඇත.

 රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම කාර්ය මණ්ඩල සේවයට කැ`දවීමේදී පිට පළාත්වල සේවකයන් කැ`දවීමේ බලය අදාළ ආයතන ප‍්‍රධානීන්ට හිමිවන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

 එම සේවකයන් සේවයට කැ`දවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සේවා ස්ථානයේ පවතින ඉඩ ප‍්‍රමාණය සැලකිල්ලට ගනිමිනි.

 එසේම අලූත්ම තීරණ අනුව කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබා නොගත් වයස අවුරුදු තිහට වැඩි කිසිවකුටත් ලබන සැප්තැම්බර් 15 වැනිදායින් පසු පොදු ස්ථාන වෙත යෑමට අවසර නොලැබෙන බව ද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේය.

 ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (13 වැනිදා) පැවැති ජාතික කොරෝනා මර්දන කාර්ය සාධක බළකා රැුස්වීමේදී මෙසේ සංචරණ සීමා දැඩි කිරීමේ තීරණය ගනු ලැබීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment