එන්නත් නොගත් ජනතාව සොයා කොළඹ දිගටම මෙහෙයුම් – පෙරේදා 5000ක් එන්නත් කරවයි

675

කොවිඞ් එන්නත් කිසිදු මාත‍්‍රාවක් ලබා නොගත් කොළඹ නගර සීමාවේ පුද්ගලයන් පන්දහසක් පෙරේදා (07 වැනිදා) පොලිස් භාරයට ගෙන රැුගෙන ගොස් කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ ස්ථාපිත එන්නත්කරණ මධ්‍යස්ථානයේදී එන්නත්කරණයට ලක්කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ ට ඊයේ (08දා)  පැවසීය.

මෙලෙස එන්නත්කරණයට ලක්කළ අයගෙන් වැඩිදෙනකු මුස්ලිම් ජාතිකයන් බව ද හෙතෙම කියා සිටියේය.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ කොවිඞ් එන්නත ලබා නොගෙන කොළඹ නගරයේ බොහෝ පිරිසක් සිටින බවට තොරතුරු ලැබී තිබෙන හෙයින් ඔවුන් සොයා මේ වන විට පුළුල් මෙහෙයුමක් අරඹා ඇතැයි ද හේ කීය.

මෙම මෙහෙයුම සඳහා කොළඹ ප‍්‍රජා පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසක් යොදවා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. මෙහිදී තවදුරටත් කතාකළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද කියා සිටියේය.

‘‘මේ එන්නත් නොගෙන සිටි පිරිස ග‍්‍රෑන්ඞ්පාස්, මාලිගාවත්ත, කොටහේන, මට්ටක්කුලිය, මරදාන, පිටකොටුව වැනි ප‍්‍රදේශවලදී පොලිස් භාරයට අරන් තිබුණා. මේ අයගෙන් ප‍්‍රශ්න කළාම එක එන්නත් මාත‍්‍රාවක්වත් අරන් නැහැ කියලා තහවුරු වුණා. මේ පිරිස අපේ ප‍්‍රජා පොලිස් නිලධාරීන් බස්රථවලින් අරන් ඇවිත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ එන්නත් මධ්‍යස්ථානයේදී එන්නත් කරවලා තිබෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න එන්නත් නොගෙන ඉන්න පිරිස බලෙන් හරි රැුගෙන ඇවිල්ලා එන්නත්කරණය සඳහා යොමුකරන්න වෙනවා…’’

මේ අතර, එකදු කොවිඞ් එන්නත් මාත‍්‍රාවක් හෝ ලබානොගෙන සමාජයේ සැරිසරන පුද්ගලයන් සහ නිවෙස්වල රැුඳී සිටින පුද්ගලයන් සොයා අඛණ්ඩවම මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment