එන්නත් ප‍්‍රතිශක්තිකරණය එනතෙක්වත් ඉවසන්න… ගුරු භවතුනි මිනිස්කමේ නාමෙන්වත් වර්ජනය නවත්වන්න, රටම අවදානමේ

483

සඳුදා, අඟහරුවාදා, බදාදා යන දින තුනේදී එක් කණ්ඩායමක් සහ බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා දිනවල තවත් කණ්ඩාමක් ද වශයෙන් සේවා මුර දෙකකට රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමේ නව ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා* සවස කීය.

 එහිදී රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි මව්වරුන් නිවසේ සිට සේවය ලබාදීමට හැකිවන පරිදි නව ක‍්‍රමවේදයක් සකස් කිරීමට ද ඊයේ (05 දා* මුදල් අමාත්‍යාංශයේදී ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවේදී තීරණය වු බව හෙතෙම පැවසීය.

 ඊට අමතරව තවමත් එන්නත ලබා නොගත් 18 ට වැඩි රාජ්‍ය සේවයේ නියුතුවූවන්ට කඩිනමින් කොවිඞ් මර්දන එන්නත් ලබාදීමටත් එහිදී තීරණය කළ බව ද ඒ මහතා කීය.

 සියලූම රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකියන වෙනම රාජ්‍ය නිලධාරියකු බැගින් පත් කිරීමටත්, එම සාකච්ඡුාවේදී තීරණය වූ බව කී රාජ්‍ය ඇමැතිවරයා ඒ සියල්ලටම අවශ්‍ය චක‍්‍රලේඛයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ප‍්‍රකාශයට පත් කරන බව ද කියා සිටියේය.

 දැනට පවතින කොවිඞ් ව්‍යාප්තියට මූලිකම හේතූන් වී ඇත්තේ මංගල උත්සව, එක්ව ආහාර ගැනීම මෙන්ම දැනට කෙරෙන ගුරු උද්ඝෝෂණ බව ද කී චන්න ජයසුමන මහතා මනුෂ්‍යත්වයේ නාමයෙන් වත්මන් අරගල නතර කරන්නැයි වෘත්තීය සමිති නායක ජෝශප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන්ගෙන් ද සමස්ත ගුරු විදුහල්පතිවරුන්ගෙන් ද ඉල්ලා සිටින බව කීවේය.

 ගුරුවරුන්ට ලබා දුන් කොවිඞ් මර්දන එන්නත් මගින් ඔවුන් තුළ ප‍්‍රතිශක්තිකරණය ඇතිවන තෙක්වත් ගුරු අරගල නතර කරන ලෙස ඉතාම ගෞරවයෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment