එන්නත් බලහත්කාරය සමාජ දේශපාලන සුන්නතක ආරම්භයක් ද

546

කොරෝනා වසංගත තත්ත්වය යටතේ මේ වනවිට ලංකාවේ විශාල වශයෙන් අසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇත. පසුගිය සිංහල අවුරුද්දෙන් පසුව වේගයෙන් ව්‍යාප්ත වූ මේ තත්ත්වය පාලනය කර ගැනීමට ආණ්ඩුව සමත් වී නැත. වසංගතය පාලනය කරලීමට තිබෙන එකම විසඳුම එන්නත්කර ගැනීම යැයි ජනපතිවරයා පුන පුනා පවසයි. පවතින තත්වයේ හැටියට ඉන් පලක් වී නැත. එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ද විශාල වශයෙන් ආසාදනයට ලක් වන බවට නිතිපතා වාර්තාවේ. එසේම මරණයට පත් වූ පිරිස් ගැනද වරින් වර වාර්තා වී ඇත. එන්නත් ලබා ගත් පුද්ගලයන්ගේ ශරීර තුළ ස්වයංව විවිධ ප‍්‍රභේද හට ගන්නා ආකාරයද නිරීක්ෂණය වී ඇතැයි මේ පිළිබඳව සමීක්ෂණයන් කළ වෛද්‍යවරු පවසයි. නමුත් මෙම තත්ත්වය පිළි ගැනීමට ආණ්ඩුව මැළි වී තිබෙන අතර නිරෝධායන නීති පදනම් කොට ගෙන ජනතාව පීඩාවට පත් කීරීමද දිගින් දිගටම සිදු වේ. ඒ අතර එන්නත් නොගත් සියලූ දෙන අනිවාර්යෙන්ම එන්නතකරණයට ලක් විය යුතු බවටද රජයේ ප‍්‍රකාශයකයන් පවසයි. එසේ සිදු නොවුණහොත් බස් රථවල ගමන් කිරීමද රජයේ ආයතනවලට ඇතුල් වීමටද පළාත් අතර ගමන් කිරීමට අවසර නොදීමට නීති ගෙන එන බව ආණ්ඩුවේ නිවේදන වලින් දැක්වෙයි. මෙම තීරණය ආණ්ඩුවේ ස්වයං දේශපාලන තීරණයක්ද නැතහොත් විදෙස් බලපෑමකින් සිදු වූවක්දැයි ගැටලූවකි.

කොරෝනා වෛරසය චීනයේ වූහාන්වල විද්‍යාගාරයක නිපදවීමක් බවට මේ වන විට තිබෙන සාක්ෂී විශාලය. ජෛව අවි පිළිබඳ විද්‍යාඥයකු වූ ප‍්‍රැන්සිස් බොයිල් ඒ බව පවසා තිබේ. චීනයේ කරන ලද අත්හදා බැලීමකට ඇමෙරිකාවේ සී.ඞී.සී. හි ප‍්‍රධානියා වන ඇන්තනී පවුචි විසින් 2015 දී ඩොලර් මිලයන 3.7 ක් ලබා දුන් බවද එම විද්‍යාගාරයෙන් එම වෛරසය මුදාහැර ඇති බවටද තිබෙන තොරතුරු ද මේ වන විට වේගයෙන් හුවමාරු වෙයි. කොරෝනා වෛරසය මර්දනයට අවශ්‍ය උපකරණවලට පේටන්ට් බලපත‍්‍ර ලබා ගෙන තිබෙන්නේද මීට වසර කීපයකට පෙර බව සැළ වෙයි.

කොවිඞ් මර්දනය සඳහා ඇමෙරිකාව නිපදවන එන්නත් තුනක් වෙයි. එකක් ෆයිසර්ය. දෙවැන්න ජොන්සන්ය. අනෙක මොඩර්නාය. මින් ෆයිසර් බයෝටෙක් නම් එන්නත ඵඍභ් තාක්ෂණයෙන් නිපදවා ඇත. නමුත් මොඩර්නා එන්නතට 060606 යටතේ පේටන්ට් හිමි වී ඇත්තේ S M 102 ලිපිඩ තාක්ෂණයෙන් නිපදවීමෙනි. යම්කිසි ජල්ලි විශේෂයක් සහ නැනෝ කොටස් මෙහි අඩංගු බව එම සමාගම ප‍්‍රකාශ කර තිබේ. මෙම එන්නතේ නිර්මාණකරුවා බිල් ගේට්ස්ය. ඔහු යටතේ පාලනය වන ඖෂධ සමාගම මගින් මෙම එන්නත නිපදවා ඇත්තේ කොරෝනාව මර්දනය කිරීමට එහා ගිය යටත් විජිතවාදී ආරමුණකින් බව විද්‍යාඥයන්ගේ මතයයි. ඩෙල්ටා ලැම්ඩා එප්සයිලන් ආදී වශයෙන් නොයෙකුත් ප‍්‍රභේද ලංකාවට පැමිණෙන්නට ඉඩ සලස්වා එන්නත ගැන බිය ඇති කර අවසානයේ ලිපිඩ ජල්ලිය සහිත මොඩර්නා එන්නත ලබා ගැනීමට මානසික පසුබිම සාදන ආකාරය නිරීක්ෂණය වන බව විද්වතුන් පවසයි. එන්නත් නිසා ඇති වන විපර්යාසයන් පිළිබඳ වෛද්‍ය ගාමිණී අභය මහතා දක්වා ඇත්තේ මෙවැනි අදහසකි. RNA” DNA වෙනස් කරන එන්නත් කළ අයගේ ශරීරවල නොයෙකුත් ප‍්‍රභේද නිපදවෙන බව ඒඞ්ස් වෛරසයේ ව්‍යුහය සොයාගෙන නෝබල් ත්‍යාගය දිනාගත් ප‍්‍රංශ වෛරස පිළිබඳ විශේෂඥයා පවසා ඇත.

මීට පෙර ඇති වූ වසංගතවල මෙතරම් ප‍්‍රභේද නොතිබුණ බව දන්නා කරුණකි. එක් ප‍්‍රභේදයකට දුන් එන්නත්වලින් තවත් ප‍්‍රභේදයක් පාලනය කළ නොහැකිය. RNA” DNA වෙනස් කරන එන්නත්වලින් ප‍්‍රතිශක්ති ෙසෙලවලට දෙන උපදෙස අනුව, ඒ ෙසෙල මුලදී නිපදවන්නේ ප‍්‍රතිදේහ නොව, වෛරසයේ ඇති ප්‍රෝටීනයි. ඒ නිසා එවැනි එන්නත් කළ අය වෛරස ප්‍රෝටීන කර්මාන්ත ශාලා බවට පත්වී ඇත. ප‍්‍රතිදේහ ජනක සෑදෙන්නේ පසුවය. තවද ඒ එන්නත් මගින් ෙසෙලවලට දෙන පණිවිඩ අනුව ෙසෙලය එහි සෑදෙන වෛරස ප්‍රෝටීනවලට පමණක් ප‍්‍රතිශක්ති නිපදවීමට යොමුකර ඇත. එවැනි අවස්ථාවක තවත් ඊට වැඩිය වෙනස් වෛරසයක් ඇතුළු වුවහොත් ඒ උපදෙස මාරු කිරීමට බැරිය. ප‍්‍රතිඵලය ඒ අයට අලූත් වෛරසය පහසුවෙන්ම වැළඳීමයි. ඒ නිසා එවැනි එන්නත් කර ගත් අය අලූත් වෛරසවලට දරුණු ලෙස ගොදුරු වීමය. RNA” DNA වෙනස් කරන එන්නත් ලබාගත් අයට අනෙකුත් වෛරසවලට මුහුණදීමේ නොහැකියාවට විද්‍යාඥයන් විසින් වෛරස ප‍්‍රතිශක්ති බැහැරවීම (Viral Immune Escape) යැයි කියනු ලැබේ. මෙය අලූත් දෙයකි. එවැනි දෙයක් සිදු වූයේ දීර්ඝ ලෙස නිසි පරීක්ෂණ නොකරන ලද මිනිස් ෙසෙලවල ප‍්‍රධාන අණදෙනකරුවන් වන RNA” DNA වෙනස් කරන එන්නත් නිසාය. සම්පූර්ණයෙන්ම මරණ ලද වෛරස අඩංගු එන්නත්වල (Killed Vaccines) මේ ප‍්‍රශ්නය නැත. එන්නතේ ඇති මැරුණු වෛරසයට ප‍්‍රතිදේහ සැදීමට ෙසෙල උත්තේජනය කරාට පසු වෙනත් අලූත් වෛරසයක් ශරීරයට ඇතුළු වුවහොත් ප‍්‍රතිශක්ති සෑදීමේ යන්ත‍්‍රණය (Immunity Producing Mechanism) යම් වෛරසකට පමණක් බලෙන් යොමු කර නැති නිසා අලූත් වෛරසයටද ප‍්‍රතිශක්ති නිපදවීම සාමාන්‍ය) ලෙස සිදුවේ. ඒ නිසා අලූත් වෛරසය බෝ වීම අඩුවේ. (Lanka News Web)

2019 දී මෙම වසංගතය පැමිණීමට වසර හතරකට පෙර නෙදර්ලන්ත රාජ්‍ය සංවිධානයක් සමග එක්වූ විද්‍යාඥයෙකු කොරෝනා සඳහා වන පර්යේෂණ සඳහා පේටන්ට් බලපත‍්‍ර ලබා ඇත. එසේම ලෝක ප‍්‍රකට එන්නත් නිපදවන්නකු වන බිල් ගේස්ට් 2018 ඔක්තෝබර් මාසයේ දී නිවියෝර්ක් නගරයේ ඉවෙන්ට් 201 නමින් සමුලූවක් පවත්වා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ ඉදිරියේ දී ලෝකයම වෙලා ගන්නා වසංගතයක් පැමිණෙන අතර ඉන් මිලියන 30ක් පමණ මිය යන බවයි. ඔහුගේ අවසාන අපේක්ෂාව වී ඇත්තේ තම සමාගමට ලාභ ගෙන දිය හැකි හොඳම නිෂ්පාදනය වැක්සීනය බවයි. ඒ සඳහා සූදනම් වීම අත්‍යවශ්‍ය බවද ඔහු දක්වා තිබේ. රොකපෙලර් පදනම 1913 දී පිහිටවූ ඇමරිකාවේ ප‍්‍රබල සමාගමකි. තෙල් නිසා බලවත් වූ සමාගමකි. මෙම පදනම ලෝකයේ නොයකුත් ව්‍යාපෘති සඳහා මුදල් යොදවා තිබේ. ලෝක සෞඛ්‍ය කොමිසමට ඔවුහු මුදල් යෙදවූහ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව හරිත විප්ලව ක‍්‍රියාදාමය ආරම්භයට මුදල් යෙදවූ සමාගමක් ලෙසට ද මෙය හැඳින්වේ. රසායනික පොහොර වලින් සහ පලිබෝධ නාශක වලින් සහ අභිජනන බීජ වලින් ආසියාව මෙහෙයවීමට සැලසූම් කරන ලද්දේ මේ පදනම ඇතුළු ඇමෙරිකාවේ දවැන්තයන් විසිනි. චීනයේ මහජන සෞඛ්‍ය කටයුතු වලටද මෙම පදනම මුදල් යොදවා තිබේ. 2010 දී මෙම පදනම අනාගතය සඳහා කෙටුම්පත නමින් ලියැවිල්ලක් නිකුත් කර ඇත. එහි සඳහන්ව ඇත්තේ 2020 දී ඇති වන වසංගතයක් සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවයයි. අනතුරුව වසංගතයෙන් පසුව තවත් ලියැවිල්ලක් නිකුත් කරන මෙම පදනම නව පාලන පද්ධති බිහි කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරයි. ඔවුහු අවධානය කරන්නේ එන්නත මගින් මෙම පාලන පද්ධති සම්පූර්ණ කරගත හැකි බවයි. සෑම පුද්ගලයකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දිය යුතු බවත් වැක්සීනය මගින් එම සම්බන්ධීකරණය ඇති කර ගත හැකි ආකාරයද දක්වා තිබේ. මොඩර්නා එන්නත පිළිබඳ තාක්ෂණය විශේෂ වන්නේ මෙය සඳහා යැයි විද්‍යාඥයන් පවසති.

ජනපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද මෙය පුනරුච්චාරණය කරයි. වැක්සීනය අනිවාර්යයනේම ගත යුතු බවද ඉදිරියේ දී හැඳුනුම්පතක් නිකුත් කිරීම අරමුණ බවද දක්වා තිබේ. කොවිඞ් 19 යනු දේශපාලන අරමුණු ස`දහා නිර්මාණය කළ ව්‍යාජ වසංගතයක් බව මේ වන විට හෙළි වෙමින් පවතින වකවානුවක ලලිත් වීරතුංග ලා පමණක් නොව අපගේ අභීත රණවිරුවකු වූ ශවේන්ද්‍ර සිල්වා මහතාද පලිප්පු දමා ප‍්‍රකාශ කරන්නේ එන්නතින් තොර විසඳුමක් නොමැති බවයි. එසේම ලංකාවේ සෞඛ්‍ය පිළිබඳ ඇමැතිවරුන් තිදෙනකු සිටින බවද දේශීය වෛද්‍ය ඇමැති ඊට අයත් නැති බවද ඔහු ව්‍යංගයෙන් පවසා සිටී.

ලංකාවේ නව ජනාධිපතිවරයකු පත් කරලීමට හැට නව ලක්ෂයක ජනතාව උත්සුක වූයේ රට අධිරාජ්‍යවාදයෙන් බේරා ගැනීමටයි. විශේෂයෙන්ම ඇමෙරිකාව ප‍්‍රමුඛ ලෝක බලවතුන් විසින් අල්ලේ නටවන ලංකාවක් සඳහා රනිල් වික‍්‍රමසිංහ පාලනයෙහි න්‍යාය පත‍්‍රය ඉදිරියට ඇදී යද්දී මෙරට ඉඩම් ඇමෙරිකානු සමාගම්වලට බිලි දීමට කැස කවද්දී ජනතාව එයට එදිරි වූහ. එම රජය පෙරලා සිංහල බෞද්ධ යන්ගේ බහුතර ඡන්දයෙන් දේශමාමක රජයක් පත් කරගත්හ. නමුත් දැන් ගෝඨභය රාජපක්ෂ කටයුතු කරන්නේ සිංහලයන් අවශ්‍ය නැති විදියකටය. සිංහලයන්ගේ අපේක්ෂා තුට්ටුවකට මායිම් නොකිරීම ඔහුගේ පුරුද්දක් බවට පත් වී තිබේ. සිංහල වෙදකම විසින් වසර දහස් ගණනක් තිස්සේ මෙරටේ සෞඛ්‍ය පිළිබඳ තීරණ ගනිමින් තිබියදී. ඔහුගේ කොවිඞ් මර්දන බළකායට එකදු දේශීය වෛද්‍යවරයකු යොදවා ගත්තේ නැත. නිරෝධායන නීති වෙනස් කොට දේශීය වෛද්‍යවරුන්ට කොවිඞ් සඳහා වෙදකම් කිරීමට අවසර ලබා දීම කළ යුතු යැයි ඉල්ලා සිටියද ඒ කිසිවකට කන්නුදුන්හ. අන්තිමේදී ආයුර්වේද රෝහල් වල ප‍්‍රතිකාරවලට පමණක් අවසර ලැබුණේ. බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට පත් කරමිනි. මේ වන විට එම රෝහල්වල ප‍්‍රතිකාර ලැබූ කිසිවකුත් මියගොස් නැත. සියලූම දෙනා සුව වී නිවෙස් බලා ගොස් තිබේ.

මෙහිදී අප තේරුම් ගත යුත්තේ ජනපතිවරයා නොදැනුවත්වම විදේශීය කුමන්ත‍්‍රණයකට හසුවී තිබේද යන්නයි. ටැන්සානියාවේ මුරුන්ඩි වල සහ හයිටි වල ජන නායකයන් ඝාතනය පත් වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය පරිදි ඒ රටවල කටයුතු කරලීමට ඉඩ නොදීම නිසාය. එවැනි බයක් අපගේ ජනාධිපතිවරායාටද තිබෙනවා විය හැකිය. එසේත් නැතිනම් ඔහු කෙලින්ම ඇමෙරිකානු න්‍යාය පත‍්‍රයකට නතු වී කටයුතු කරනවාද විය හැකිය. එන්නත් අනිවාර්ය කිරීමද පොදු ආයතනවලට බස්රථවලට කෝච්චි වලට ඇතුළුවීම වළක්වන නීති ගෙන ඒම ඇමෙරිකානු න්‍යාය පත‍්‍රයේ කොටසකි. එය චීනයද අනුමත කරනවා විය හැකිය. මානව හිමිකම් උල්ලංඝණය කරන මෙවැනි ගෝත‍්‍රික නීති හිට්ලර් විසින් ද පනවන ලදී. ඔහු මනුෂ්‍යයන් යොදවා විවිධ විද්‍යා පර්යේෂණ කරන්නට උත්සාහ ගත්හ. ලෝක යුද්ධයෙන් පසුව නියුරන්බර්ග් කෝඞ් යනුවෙන් නීති සංග‍්‍රහයක් ඇති කර ලද්දේ මිනිසා ජෛව පර්යේෂණ සඳහා යොදවා ගැනීම වළක්වාලීමටයි. හරිහැටි පර්යේෂණ නොකරන ලද එන්නත්කරණය නිසා අද ලංකාවේ ජනතාව පර්යේෂණාගාර මීයන් බවට පත් වී සිටිති. කොවිඞ් වල ප‍්‍රභේදයන්ට එන්නත වැඩ කරන්නේ කෙසේදැයි සෙවීමට කොවිඞ් 19 තොරතුරු මධ්‍යස්ථානයක් පත් කර තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධාර මගිනි. නියුර්න්බර්ග් නීති සංග‍්‍රහයද බීජිං ප‍්‍රඥප්තියද (දේශීය වෛද්‍ය ක‍්‍රම මගින් ලෙඩ සුව කර ගැනීම) ගෝඨාභය ආණ්ඩුව ගාණකට නොගන්නා බව පෙනේ. නමුත් මියයන්නේ අසරණ මිනිසුන්ය. මෙරට සෞඛ්‍ය හැසිරවිය යුත්තේ දේශීය දැනුමකින් බව දැන්වත් පාලකයන් තේරුම්ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment