එන්නත් භාර ගනිමින් ජනපති ශ‍්‍රී ලංකාවේකොළඹින් ගන්නා සාම්පලවල සියයට 20 – 30ක් ඩෙල්ටා ආසාදිතයන්… කොරෝනා රෝගීන් වැඩි පිරිසකට ඔක්සිජන් දීමට සිදු වෙලා සංචාරයට චීන ජනතාවට ඇරයුම් කරයි

387

මේ දිනවල හමුවන කොරෝනා ආසාදිතයන් අතරින් වැඩි දෙනකු රෝග ලක්‍ෂණ පෙන්නුම් කරමින් සිටින අතර එයිනුත් වැඩි පිරිසකට ඔක්සිජන් ලබා දීමට සිදුවී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය.
 
 එම තත්ත්වය තුළ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව වෙනදාට වඩා ඉහළ යමින් තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
 
 මේ තත්තවය හේතුවෙන් ආසාදිතයන් ස`දහා සැලසුම් කර තිබූ රෝහල් බොහෝ දුරට අවසන් වී තිබෙන බවද ඒ මහතා ස`දහන් කළේය.
 
 මේ වන විට කොළඹ ප‍්‍රදේශයෙන් ලබා ගන්නා සාම්පල මගින් සියයට 20-30 අතර ප‍්‍රමාණයක් ඉන්දීය ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් බවට තහවුරු වන බවද කී හේමන්ත හේරත් මහතා අනිවාර්යයෙන්ම රට පුරා ඩෙල්ටා ප‍්‍රභේදයේ අවදානම පවතින බවද කීය.
 
 මේ අතර සිය අයිතිවාසිකම් ඉල්ලා ගුරුවරුන් වෘත්තීය අරගල කළද කොරෝනාවට ඒ කිසිත් පිළිබ`ද කිසිදු හැ`ගීමක් දැනීමක් නොමැති බව රට තුළ පවතින වත්මන් වසංගත තත්ත්වය පිළිබ`ද අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ස`දහන් කරයි.
 
 එසේම ගුරුවරුන්ගේ අරගල හමුවේ කොරෝනා ගුරු ජීවිත බිලි ගැනීමේ දැඩි අවදානමක් මතුවී තිබෙන බවද පෙන්වා දෙන එම සංගමය මේ හේතුවෙන් මුළු රටම අවදානමකට ඇදවැටී තිබෙන බවද පවසයි.
 
 අරගල කරන ගුරුවරුන්ගේ අනාරක්‍ෂිත හැසිරීම නිසා වැරදි පූර්වාදර්ශයක් ලබාගෙන ඇති සාමාන්‍ය ජනතාව සෞඛ්‍ය උපදෙස් අමතක කර සාමාන්‍ය ලෙස නිදහසේ කටයුතු කිරීමට පෙළඹී සිටින අතර එය ඉතා භයානක තත්ත්වයක් බවද එම සංගමය පෙන්වා දෙයි.
 
 රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළට සහාය ලබදීමක් ලෙස චීන රජයෙන් මෙරටට ප‍්‍රදානය කෙරුණු විශාලම එන්නත් තොගය ලෙස තවත් සයිනොෆාම් එන්නත් මාත‍්‍ර ලක්‍ෂ දහසයක් ඊයේ (27 වැනිදා* අලූයම ශී‍්‍ර ලංකාවට ලැබිණි. ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිවරයා විසින් කටුනායක ගුවන්තොටුපළේදී එම එන්නත් තොගය සෞඛ්‍ය ඇමැතිවරිය වෙන නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි.
 
 මෙම එන්නත් මාත‍්‍රා ලක්‍ෂ දහසයත් සම`ග මේ දක්වා චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කර ඇති එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය ලක්‍ෂ 27 කි.
 
 කොරෝනා වෛරසයට එරෙහි මෙරට කි‍්‍රයාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ දෛනිකව ලබා දුන් වැඩිම එන්නත් ප‍්‍රමාණය ලෙස පෙරේදා (26 වැනිදා* දිනය තුළ එන්නත් මාත‍්‍රා 437878 ක් ජනතාවට ලබා දීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.
 
 ඒ අනුව මේවන විට කිසියම් එන්නතක පළමු මාත‍්‍රාව පමණක් ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව ඊයෙ (27 වැනිදා* වන විට 7839638 ක් වූ අතර එන්නත් මාත‍්‍රා දෙකම ලබාදුන් පිරිස 1882683 ක් විය.
 
 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment