එන්නත් හිඟයි  ජලභීතිකාවෙන්  ආරක්‍ෂා වෙන්න

123

ජලභීතිකා රෝගය වැළැක්වීම සඳහා ලබාදෙන එන්නත් හිඟයක් පවතින බැවින් රෝගය වැළඳීමට ඇති අවදානමෙන් හැකි තරම් ආරක්‍ෂාවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අත්‍යවශ්‍ය එන්නත් යටතට ගැනෙන, ජලභීතිකා රෝගී සැක සහිත සතුන්ගේ සපාකෑම්වලට හා සීරීම්වලට ලක්වීමේදී ලබාදෙන ‘ජලභීතිකා මාත්‍රා එන්නත’ හා ජලභීතිකා සතුන්ගේ දරුණු සපාකෑම්වලදී එන්නත් කරන ‘මානුෂ සීරීම් එන්නත්’ මෙසේ හිඟ වී ඇති බව ජලභීතිකා මර්දන ඒකකයේ විශේෂ ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පී. ඒ. උපාලි ගුණවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

මේ නිසා නොදන්නා සතුන් සුරතල් කිරීම ඇතුළුව සුනඛයන්ගෙන්, පූසන්ගෙන් හා නරියන්ගෙන් විශේෂයෙන් ප්‍රවේශම් වන ලෙස ද ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

2021 වසරේදී ජලභීතිකා මරණ 25 ක් වාර්තා වී ඇති අතර 2022 වසරේ ගෙවී ගිය මාස කීපයේදී මරණ 11 ක් සිදුව ඇති බව පවසන උපාලි ගුණවර්ධන මහතා ජලභීතිකා එන්නත් ඉල්ලුම් කර ඇතත් ලැබීමට ප්‍රමාදවනු ඇති බව ද කියා සිටී.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment