එන්නත නොගත් පිරිස ගැන ජනපති නියමයෙන් සංගණනයක්

388

දිවයිනේ සියලූ ප‍්‍රදේශ අලලා එන්නත නොගත් පිරිස පිළිබඳ  සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට ඊයේ (30 දා* උපදෙස් දුන්නේය.
 
කොවිඞ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95% කට ආසන්න ප‍්‍රතිශතයක් එන්නත ලබා නොගත් අය බව අනාවරණය වී තිබේ. එන්නත බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබා ගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි.
 
මේ පිළිබඳව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඞ් මර්දන විශේෂ කමිටුව සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
රෝගය පැතිර යෑම වළකින ආකාරයෙන් ක‍්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබා ගැනීමත් ජනතාව සතු යුතුකමක් බව ජනාධිපතිවරයා පැවසීය. ඉදිරියේදී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඞ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඞ් කමිටුවේ අවධානය යොමුවිය.
 
අමාත්‍යවරුන් වන පවිත‍්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතානගේ, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛi සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු, ත‍්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ආරක්‍ෂක සහ සෞඛ්‍ය අංශ ප‍්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
 සමන් ගමගේ – සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment