එන්නත නොගත් බස් සේවකයන්ට ගැමුණු දොර වහයි

340

සියලූම පෞද්ගලික බස් සේවකයන් අගෝස්තු 01 වැනිදා වනවිට කොවිඞ් මර්දන එන්නතෙහි එක් මාත‍්‍රාවක් හෝ ලබා තිබීම අනිවාර්ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට කීය.

එලෙස එන්නත ලබානොගත් සේවකයන් සඳහා පෞද්ගලික බස් රථවල සේවය කිරීමට ඉඩ නොදෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර අන්තර් පළාත් ධාවනයෙහි යෙදෙන සියලූම බස් සේවකයන් හඳුනාගැනීම පිණිස විශේෂ හැඳුනුම්පතක් ලබාදීමට කි‍්‍රයා කරන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටි බව ද ඒ මහතා කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment