එන්නත විදගන්න ජාතික හැදුනුම්පත අනිවාර්යයි

219


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන අද ආරම්භ විය.
එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන සිසුන් සිය ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.බී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

එම එන්නත්කරණ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පළමුවර සහ දෙවනවර අපේක්ෂකයින් ලබාදේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 24,000ක් සඳහා එන්නත්කරණය සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment