එන්නත ෆයිසර්ද? සජිත් උත්තර නොදෙයි

576

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කොවිඞ් මර්දන ෆයිසර් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගෙන තිබේ.

‘‘මට කොවිඞ් සඳහා ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඞ් රෝගය වැළඳිය හැකි බවට වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව වෛද්‍ය නියමයට එකඟ වුයේ’’ යැයි විපක්‍ෂ නායකවරයා ඉකුත් 03 වැනිදා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රී සම්පත් අතුකෝරළ මහතා විමසා සිටියේ විපක්‍ෂ නායකවරයා ෆයිසර් නමැති කොවිඞ් මර්දන එන්නත ලබාගෙන ඇති බවත් විපක්‍ෂ නායක එම එන්නත ලබාගත්තේ කුමන ආකාරයෙන්දැයි කියාත් ය. ‘ෆයිසර්’ එන්නත ලබාදීම ඉතා සීමිත වශයෙන් සිදුවන බවත්, මහජනතාවට එම එන්නත ලබාදීමට පෙර විපක්‍ෂ නායකවරයා එම එන්නත ලබා ගත්තේ දැයි ද හෙතෙම විමසීය. එහෙත් එම ප‍්‍රශ්නයට විපක්‍ෂ නායකවරයා හෝ වෙනත් කිසිවෙක් පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා නොදුන්හ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment