එන්න එපා – නාමල්ට විරෝධය

1076

බණ්ඩාරවෙල මහ නගර සභාවට අයත් අලූතින් ඉදිකරන ලද නලින් ප‍්‍රියන්ත සූරියගේ ක‍්‍රීඩාංගණය තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අතින් විවෘතකිරීමට නියමිතව තිබූ ඊයේ (30 දා) බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ජනතාව ඞීසල් ලබාදෙන ලෙස ඉල්ලමින් ප‍්‍රධාන මාර්ග දෙකක් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

එන්න එපා - නාමල්ට විරෝධය

දින ගණනාවක සිට ඉන්ධන හල් අසල පෝලිම්වල රැුඳී සිටියත් ඞීසල් නොලැබීම නිසා කුපිත වූ ප‍්‍රදේශයේ ජනතාව බණ්ඩාරවෙල – වැලිමඩ ප‍්‍රධාන මාර්ගය බණ්ඩාරවෙල නගරයේ පොලිසිය අසල ඉන්ධන පිරවුම් හල අසලින් ද බණ්ඩාරවෙල බදුල්ල මාර්ගය ශාන්ත ජෝශප් විදුහල ආසන්නයේ ඉන්ධන පිරවුම් හල අසලින් ද වසා මෙසේ විරෝධතාවේ නිරතව සිටියහ.

මෙම විරෝධතාව සඳහා පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන බස් රථ සේවකයන්, පෞද්ගලික බස් රථ සේවකයන් සහ ප‍්‍රදේශයේ රථවාහන හිමියන් සහ රියැදුරන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

බණ්ඩාරවෙල ඉන්ධන පිරවුම්හල්වලට පැමිණෙන ඉන්ධන රජයේ වාහනවලට ලබාදෙන නමුත් තම වාහනවලට ඉන්ධන ලබා නොදෙන බවත්්, මෙම තත්ත්වය මත තම වෘත්තීන් සිදු කිරීමට නොහැකි බව පවසමින් ජනතාව මෙම විරෝධතාව පැවැත් වූහ.

බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත කුමාරසිරි මහතා පැමිණ ඊයේ ඉන්ධන නොලැබෙන බවත් ඉන්ධන පැමිණි පසු ලබාදෙන බවත් පැවසූවද විරෝධතාකරුවෝ දිගටම විරෝධතාවේ නිරත වූහ.

බණ්ඩාරවෙල – කරුණාරත්න පල්ලේගම, ශාන්තලාල් නානායක්කාර
 

advertistmentadvertistment
advertistmentadvertistment