එප්පාවල දරුවා සොයා දිගටම මෙහෙයුම්

88

නිවසින් අතුරුදන් වූ එප්පාවල ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවා සොයා ඊයේ (23 වැනිදා) දිනයේත් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

දරුවා හෝ ඔහු රැගෙන ගිය බවට පැවසෙන පුද්ගලයා පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැතත් සැකකරු ගැවසෙන්නේ යැයි අනාවරණය වන ප්‍රදේශ වෙත අදාළ පොලිස් කණ්ඩායම් පිටත් කර යවා තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට සැකකරු පිළිබඳව විවිධ තොරතුරු පොලිසියට අනාවරණය වී ඇති අතර කඩිනමින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment